නවතම පුවත්

ෆෙයාර් ෆස්ට් වෙතින් COVID මඬින අරමුදලට රු. මිලියන 10ක්

අසංක

අසංක

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කර ඇත.

අදාළ මුදල ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා මහතා ඇතුළු ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නිලධාරීන් විසින්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත පසුගියදා පිරිනමන ලදි.

මීට සමගාමීව මෙහිදී ශ්‍රී ලංකා රථවාහන පොලිස් මූලස්ථානය, නැගෙනහිර කොළඹ මූලික රෝහල හා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) ඇතුළු දිවයින පුරා ආරක්‍ෂක අංශ, රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන 31 ක් සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 2,000ක්, මුහුණු ආවරණ 10,000ක් හා අත් ආවරණ 3,850ක්ද ෆෙයාර් ෆස්ට් සමාගම පරිත්‍යාග කර ඇත.

ව්‍යාපාරයක් ශ්‍රේෂ්ඨ වන්නේ අර්බුදයකදී ඵලදායී ලෙස තම සම්පත් යෙදවීම තුළින් වන බවත් . ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් යනු ජනතාවට රැකවරණය සලසන අතරම ඔවුන්ට ශක්තියක් වීම සඳහා සෑම විටම උත්සාහ කරන සමාගමක් වන බවත් එහි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මෙම අවස්ථාවේදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්