නවතම පුවත්

ෆේස් බුක් ගිණුම් ඉවත්කරන්න රජයට බැහැ – ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ෆේස් බුක් ගිණුම් ඉවත්කිරීම හෝ නියාමනය කිරීමට රජයට බලතලයක් නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටී .

එම සංගමයේ සභාපති රජීවේ යසිරු කුරුවිටගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ නිවේදනයක මේ බව අවධාරණය කර ඇත

එම සම්පූර්ණ නිවේදනය මෙසේය .

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.

තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරමු.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්