නවතම පුවත්

කොවිඩ් මරණ අඩු කරන්න විටමින් D වලට පුළුවන් ! – සායනික පරීක්‍ෂණවලින් හෙළිවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඇතිවිය හැකි බරපතල  සංකූලතා බොහොමයක්  අවම කිරීමට ,  ඩී විටමිනයට  (vitamin D )  හැකියාවක් ඇති බව මේ වනවිට ලොව පුරා සිදුකර ඇති  පර්යේෂණ රැසකින් අනාවරණය වී ඇත .

ඒ අනුව ඩී  විටමිනය  ලබාගත් බොහෝ දෙනෙකුට , කොරෝනා ආසාධනය වුවද ඉන් ඉතා  බරපතල මට්ටමේ  රෝගාබාධ හට ගැනීම අවම බව  පෙන්නුම් කරන්නේයැයි  මෙම පර්යේෂණ වල ප්‍රතිඵල අධ්‍යයනය කල විශේෂඥයින් සඳහන් කර ඇත .

මීට අදාලව .සායනික පරීක්‍ෂණ 50ක් පමණ මේ වනවිට සිදු කර ඇති අතර , කොරෝනා ආසාධනය වූ  රෝගීන්ටද,  ඩී වීටමිනයෙන් අධි මාත්‍රා ලබාදීම හරහා රෝගයේ විවිධ සංකූලතා පාලනය කර ගත හැකි බවද මෙහිදී අනාවරණය වී ඇත .

කෙසේ වෙතත් මෙහිදී වෛරසය  ආසාධනය සිදුවූ මුල් අවස්ථාවේදීම,  ඩී විටමිනයේ අධි මාත්‍රා ලබාදීම වැදගත් බව පර්යේෂකයින් සදහන් කර ඇත .

ඉන්දියාව , බ්‍රසීලය ,ස්පාන්ඥ්ඥය වැනි රටවල් කිහිපයකම මීට අදාළ සායනික  පර්යේෂණ කිහිපයක්  මෑතකදීද සිදුකර ඇත .

කොරෝනා ආසාධනය වූ මුල් අවස්ථාවේදීම මෙසේ  ඩී විටමිනය ලබාදීම හරහා , මරණ සිදුවීම කැපී පෙනෙන ලෙස පාලනය කර ගත හැකි බවද මෙම පර්යේෂණ වලින් අනාවරණය වී ඇත .

මෙම පර්යේෂණ වල ප්‍රතිඵල මේ වනවිට ලොව පුරා පිළිගත් වෛද්‍ය සඟරා හා අන්ත්ර්ජාප ප්‍රකාශන වල ප්‍රසිද්ධියට පත්කර ඇත .

එම  සායනික පර්යේෂණ පිළිබඳව පළවූ අන්තර්ජාල ප්‍රකාශන කිහිපයක් පහත දැක්වේ

බ්‍රසීලයේ කල අහඹු සායනික පර්යේෂනය  (Murai et al, 2021),

ඉන්දියාවේ කල අහඹු සායනික පර්යේෂනය  (Rastogi, et al, 2020 ; Lakkireddy, 2021),

ස්පාන්ඥායේ කල අහඹු සායනික පර්යේෂණය  (Castillo, et al, 2020 ; Nogués et al, 2021).

මෙම පර්යේෂන වාර්තා හරහා ද තහවුරු වී ඇත්තේ ඩී විටමිනය අධි මාත්‍රාවක් ලෙස ලබාදීම හරහා කොවිඩ් ආසාධිතයින් දැඩි සත්කාරක ඒකක වලට ඇතුලත් කිරීමේ අවශ්‍යතාවය සියයට 80 කින් පමණ පහත දැමිය හැකි බවකි . එසේම කොවිඩ් හරහා මරණ සිදුවීම ඊටත් ඉහල ප්‍රතිශතයකින් පාලනය කල හැකි බවයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්