නවතම පුවත්

බ්‍රසීලය හඩවා, මෙසීගේ සිහිනය සැබෑ කරමින් කෝපා අමෙරිකා පාපන්දු කිරුළ ආර්ජන්ටිනාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වසර 28කට පසු කෝපා අමෙරිකා පාපන්දු ශූරතාව දිනා ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ, නේමාර් ද සිල්වා ප්‍රමුඛ බ්‍රසීල කණ්ඩායම ගෝල 01ට බින්දුවක් ලෙස පරාජාය කරමින්. 47වන වරට පැවති කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාව දුටුවා.
මෙරට වේලවෙන් අද අළුයම 05යි 30ට පමණ ආරම්භ වූ මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 01ට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තේ ආජන්ටිනා කණ්ඩායමයි. ඒංජල් ඩී මරියා විසින් 22වන මිනිත්තුවේදි එම ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. දෙවන අර්ධයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර ලබා දුන් අතිරේඛ කාලයේදීද ගෝල වාර්තා වුයේ නැහැ.
ඒ අනුව ගෝල 01ට බින්දුවක් ලෙස ආජන්ටිනාව මෙම තරගය ජය ගත්තේ සිය 15වන කෝපා අමෙරිකා පාපන්දු කිරුළ දිනා ගනිමින්. ලියනොල් මෙසීගේ නායකත්වය යටතේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ප්‍රධාන පෙලේ තරගාවලියක ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාවද මෙයයි. 2007, 2015, 2016 යන වසරවල පැවති කෝපා අමෙරිකා පාපන්දු තරගාවලිහීදී අවසන් මහා තරගයට පැමිණි ආජන්ටිනාව නියෝජනය කළ ලියනොල් මෙසීට එහිදී සාර්ථක වීමට අවස්ථාව හිමි නොවූ අතර ඔහු මෙම වසරේදී කෝපා අමෙරිකා පාපන්දු සිහිනය සැබෑ කර ගැනීම කැපි පෙනුනා.
ආජන්ටිනාව සහ උරුගුවේ අවස්ථා 15 බැගින් කෝපා අමෙරිකා පාපන්දු ශූරතාවය දිනා තිබෙනවා. ගියවර ශුරයින් වූ බ්‍රසිලය අවස්ථා 09කදී කෝපා අමෙරිකා පාපන්දු ශූරයින් බවට පත් වුණා. මෙවර කෝපා අමෙරිකා පාපන්දු සිහිනය බොද වූ නේමාර් ද සිල්වා ප්‍රමුඛ බ්‍රසීල ක්‍රීඩකයින් පිටියේදී කඳුලු සලන ආකාරයක්ද දක්නට ලැබුණා.
තරගයෙන් අනතුරුව නේමාර් ද සිල්වා බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සිය සගයා වූ ලියනෝල් මෙසී අසලට පැමිණ ඔහු වැලඳ ගනිමින් ජය පරාජය බෙදා ගත්තේ පාපන්දු ලෝලින්ගේ හදවත් සසල කරමින්. මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ රන් සපත්තුව මෙවර තරගවාරයේ ගෝල 04ක් වාර්තා කළ ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවද ඔහු විසින් දිනා ගත්තා.
මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගත්තේ ආජන්ටිනාවේ එමිලියානෝ මාර්ටින්ස්. අවසන් තරගයේ වීරයා ලෙස ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ආජන්ටිනාවේ ඒන්ජල් ඩී මරියා සම්මාන දිනා ගත්තා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්