ඉන්දියානුවන් විසින් ජාතියේ පියා ලෙස සළකන මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ ඔහුගේ 150 වැනි ජන්ම අනුස්මරණ දිනයේදී කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇතැයි එරට පොලීසිය පවසයි.
එම ස්ථානයේ තිබූ ගාන්ධි මහතාගේ විශාල ඡායාරූපය හරහා කොළ පැහැයෙන් ‘ද්‍රෝහියා’ ලෙස ආලේප කර තිබූ බව ද එරට වාර්තා පැවැසීය.
1948 ගාන්ධි මහතා හින්දු අන්තවාදීන් විසින් ඝාතනය කළ අතර එතැන් පටන් මධ්‍යම ඉන්දියාවේ කෞතුකාගාරයක තැන්පත් කර තිබුණි.
මෙය ද හින්දු අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට එරට පොලීසිය සැක පළ කරයි.
සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන පැවැත්වීමට එරට පොලීසිය කටයුතු කරමින් සිටියි.