නවතම පුවත්

වනාතමුල්ලේදී හයිය පෙන්නූ ‘පරෙයි සුද්දා’ මිලියන 500ක කුඩු එක්ක කොටුවෙයි

අසංක

අසංක

අතුරුගිරියේ පිහිටි අධිවේගී පිටවීමේ දොරටුවේදී සුඛෝපභෝගී රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 500ක් පමණ මිලැති හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන මත් ජාවාරම්කරුවකු වන ‘පරෙයි සුද්දා’ නමැත්තා ද වන බවට පොලීසියට අනාවරණය වී තිබේ.

ඔහු වනාතමුල්ලේ පදිංචිකරුවකු වන අතර පසුගියදා නිවස අසල අවමංගල්‍යයක් පැවැති බැවින් අසල්වාසීන්ට  තම බලය පෙන්වීමට මෙන් පරෙයි සුද්දා නමැත්තා තම සිව්මහල් නිවසේ උඩම මහලේ සිට පහළ මාර්ගයෙහි සිටින  මත්කුඩු ඇබ්බැහිවූවන්ට ලක්ෂ ගණනක රුපියල් දහසේ කොළ විසි කර ඇත.

අද පෙරවරු 10 පමණ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රථයේ තිබූ පොහොර මලු දෙකක සැගවූ කිලෝ 50කට අධික මත්කුඩු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි.

අනෙක් සැකකරු උඩහමුල්ල පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනා අද මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ ජනාධිපතිවරණයේ නාමයෝජනා කටයුතු හේතුවෙන් රාජගිරිය හා ඒ අවට ආරක්ෂාව පිළිබද වැඩි අවධානයක් යොමුව ඇති නිසා පොලිසීය විසින් තම රථය පරීක්ෂා නොකරනු ඇති බවට සිතූ බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

මොවුන් අධිවේගී මාර්ගයට පිවිස ඇත්තේ කඩුවෙල පිවිසුමෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්