නවතම පුවත්

20 ගැන ජිනීවා ප්‍රකාශයට ලංකාවෙන් සැර උත්තරයක්

අසංක

අසංක

යෝජිත 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය සිදුකළ ප්‍රකාශය අත්තනෝමතික හා උපකල්පන මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකාව අවධාරණය කර සිටී .

පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කර ඇති යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ සාකච්ජා සහ වාද විවාද කිරීමට අවස්ථාව ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වැනි සැසියේ දී අදහස් දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය සඳහන් කර ඇත.

“ආයතනවල ප්‍රධාන තනතුරුවලට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට එරෙහිව නගන ලද අසත්‍ය හා සනාථ නොකළ චෝදනා රජය ප්‍රතික්ෂේප කරන බවද ඇය මෙහිදී සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාව මෙම චෝදනාවල විශ්වසනීයත්වය නිරන්තරයෙන් බැහැර කර ඇති අතර විශේෂයෙන්, ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් මෙම චෝදනා විමර්ශනය කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව හා පරණගම කොමිෂන් සභාව වැනි දේශීය කොමිෂන් සභා, මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති කිසිදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි සොයාගෙන නොමැති බව අවධාරණය කර සිටින බවත් . “ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිතවරිය මෙහිදී සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්