නවතම පුවත්

20-30 ත් අතර කාණ්ඩයට ෆයිසර් එන්නත ලබාදීම පිළිගන්න බැහැ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු 20 -30 අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීමේ තීරණය ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ, එන්නත් නොලබා සිටින රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසු දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනෙකුත් ආබාධ හේතුවෙන් රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදීම සිදු කළ යුතුව ඇති බවයි.

වයස අවුරුදු 60 ට අඩු සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයිනගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම් කිසි අඩු අගයක් පෙන්වන බව බහරේනයේ සහ මහාචාර්ය මලවි මහත්මියගේ පර්යේෂණ කණ්ඩායම්වල දත්තවලින් සනාථ වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල්ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවක් ඇති බවත් එම ප්‍රවණතාව සයිනොෆාම් එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සඳහා මද වශයෙන් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින් පෙන්වා දී ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, අතුරු ආබාධවලින් පෙළෙන රෝගීන් (වකුගඩු බද්ධ කිරීම්, පිිළිකා ) සහ ප්‍රතිශක්තිකරණය දුර්වල අයගේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 2 න් නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බව එමගින් පෙන්නුම් කරන බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, එවැනි පසුබිමක් තුළ එම කණ්ඩායම් සඳහා Pfizer, Astra Zeneca හෝ මොඩර්නා එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යාවශ්‍ය බවයි.

Astrazeneca සහ mRNA එන්නත් රටට ලැබී ඇත්තේ, සීමාසහිත ප්‍රමාණයකි.

එවන් පසුබිමක් තුළ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙඹි Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු 20 -30 අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීමේ තීරණය ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව එම සංගමය අවධාරණය කර සිටි.

තව ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුව එම වයස් කාණ්ඩයේ පිරිසට එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවය නොදී වයස අවුරුදු 30 – 60 ත් අතර පිරිසට ලබා දීම මගින් අවදානම වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීම බවත් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති යම් කොටසක් තවදුරටත් වෛරසයට ගොදුරු වන අතර එමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතර දැඩිසත්කාර ඒකකවල ඇඳන් අවශ්‍යතාවයේ අඩුවක් නොමැති බව එහි සඳහන් ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, එනනත්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නා පිරිස් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය සහිතව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැඳීම අත්‍යාවශ්‍ය බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්