නවතම පුවත්

2019 – 2020 ශ්‍රී පාද වාරය අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

මේ අනුව චාරිත්‍රානුකුලව ශ්‍රි පාද උඩ මළුවේ අද (08දා) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරවීය.

ඉන් අනතුරුව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව, බලංගොඩ  මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද  රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ  පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙයි.

හැටන් රංජිත් රාජපක්ෂ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්