නවතම පුවත්

2020 නව දුම්රිය අටක් සේවයට – ආපනශාලා හෙළ බොජුන් හල් බවට පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2020 වසර තුළදී දුම්රිය අටක් අලුතින් සේවයට එක් කරන බවත් ජනවාරි මාසයේදී ඉන් හතරක් ධාවනයට එක්කරන බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

මීට අමතරව ටිකට්පත් ලබාදීම කඩිනම් කිරීම සඳහා නවීන තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදෙන බවත්, දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනය කිරීමට සෑම දුම්රිය ස්ථානයකම විද්‍යුත් පුවරු ඇති කරන බවත් ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

දුම්රියේ සිඟමන් යැදීම, වෙළෙඳාම් කිරීම නවතා දමන බවත්, සියලුම ආපන ශාලා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන හෙළ බොජුන් හල් බවට පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

දුම්රිය ප්‍රමාද වළක්වා ගැනීම අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බවත්, දුම්රිය ප්‍රමාදයක් පිළිබඳව ක්ෂණිකව දැන ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව තුළද විද්‍යුත් කාලසටහන් පුවරුවක් සවිකරණ බව ඔහු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්