2021 ඔන්ලයින් ෆිඩේ ලෝක යොවුන් චෙස් ශූරයා ඔෂිනි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

2021 ඔන්ලයින් ෆිඩේ ලෝක යොවුන් චෙස් තරගාාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන මෙවර අවුරුදු 10 න් පහළ බාලිකා චෙස් ශූරතාව දිනා ගෙන තිබේ.

පසුගියදා (30) පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ මේගන් අල්තියා පරාජය කරමින් ඇය මෙම ශූරතාව දිනාගත්තාය.

මෙම තරගයට සහභාගි වූ ඔෂිනි රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙය් සිසුවියක් වන අතර ඇගේ පුහුණුකරු වන්නේ අකිල කාවින්ද මහතායි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් ලෝක තරුණ චෙස් ශූරයාට රු. 100,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනමන අතර රු. 50,000 ක මුදල් ත්‍යාගයක් හොඳම අනුපූරකයා වෙත පිරිනමනු ලබයි.

මෙය ලෝක චෙස් සම්මේලනය සහ ජෝර්ජියා චෙස් සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.