නවතම පුවත්

2022 අල්ලපු මත්ද්‍රව්‍ය වරදකරුවන් ගණන ලක්ෂය පනියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොලිසිය පසුගිය 2022 වසරතුළ කළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පමණක් සැකකරුවන් එක්ලක්ෂ හාරදහස් හාරසිය හතලිස් එක් දෙනෙක් (104,441) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අය අතරින් ජාවාරම්කරුවන් සිටින්නේ අතලොස්සක් පමණක් වන අතර වැඩි පිරිසක් සිටින්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ය.

හෙරොයින් , අයිස් , කොකේන්, ගංජා, හෂීස්, විවිධ මත්පෙත් සහ මත්කරල් සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසරේදී මෙම ගණන සටහන්ව තිබුණේ 108,852ක් ලෙසින් බව පොලිස් සංඛ්‍යාදත්ත පෙන්වන කරුණකි.

එම වසරේ හෙරොයින් කිලෝ 1630යි ග්‍රෑම් 103ක් සමඟ සැකකරුවන් 50,412 දෙනෙක්ද, ගංජා කිලෝ 15,666යි ග්‍රෑම් 704ක් සමඟ පුද්ගලයින් 44,271 දෙනෙක්ද, කොකේන් කිලෝ 10යි ග්‍රෑම් 353ක් සමඟ පුද්ගලයින් 2 දෙනෙක්ද, හෂීස් කිලෝ 93යි ග්‍රෑම් 883 ක් සමඟ පුද්ගලයින් 47 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව කෘතිම මත්ද්‍රව්‍ය වන අයිස් කිලෝ 377යි ග්‍රෑම් 294ක්ද, මත්කරල් 25,813ක්ද, මත්පෙති 119,346 ක්ද සමග සැකකරුවන් 14,101 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

2022 වසරේ කර ඇති වැටලීම්වලින් හෙරොයින් කිලෝ 1627යි ග්‍රෑම් 571ක් සමඟ සැකකරුවන් 54,995 දෙනෙක්ද, ගංජා කිලෝ 10897යි ග්‍රෑම් 745ක් සමඟ සැකකරුවන් 39,001දෙනෙක්ද, කොකේන් කිලෝ 370 යි ග්‍රෑම් 112 ක් සමඟ සැකකරුවන් 26 දෙනෙක්ද, හෂිස් කිලෝ 39යි ග්‍රෑම් 260ක් සමඟ සැකකරුවන් 55 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාලය තුළ කෘතිම මත්ද්‍රව්‍ය ලෙස සැළකෙන මත්කරල් 105,036ක්ද, මත්පෙති 100,888ක්ද සමඟ සැකකරුවන් 350 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව තුළ කෘතිම මත්ද්‍රව්‍යක් වන අයිස් කිලෝ 250යි ග්‍රෑම් 185ක් සමඟ 10,364 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් 2021 වසර හා සාපේක්ෂව සැසදීමේදී 2022 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයේ යම් අඩුවීමක දක්කනට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්