නවතම පුවත්

ATM හැක්කරන විදෙස් කොල්ලකරුවො හොයන්න පොලිස්පති නියමයෙන් CID මෙහෙයුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට බැංකු පද්ධතියේ ඒ.ටී.එම්. යන්ත්‍ර හැක්කර මුදල් සොරාගන්නා විදේශිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කොටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ.ටී.එම්. යන්ත්‍ර සවිකර ඇති කුටිවලට ඇතුළු වී විද්‍යුත් උපකරණයක් ඊට සම්බන්ධකර ඒ.ටී.එම්. යන්ත්‍රයේ මෘදුකාංග පද්ධතියට අනවසරයෙන් ඇතුළු වෙමින් යන්ත්‍රය තුළ ඇති සියළුම මුදල් ලබාගනිමින් ඔවුන් මෙම සොරකම සිදුකරන බව මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.

හික්කඩුව, කරාපිටිය, බද්දේගම පිහිටි මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍ර 03කට මෙසේ ඉක්තු 30 වෙනිදා අලුයම් කාලයේ ඇතුළු වූ මෙම විදේශිකයන් රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුගිය 26 වෙනිදාද මෙම විදේශිකයන් පිරිස නාරාහේන්පිට පිහිටි වෙනත් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට ඇතුළු වී ඊට හානිකරමින් මුදල් සොරා ගැනීමකටද උත්සහා දරා ඇති බවද පොලීසිය කියයි.

මෙම විදේශිකයන් ඔවුන්ගේ මුහුණ හදුනා ගැනීමට නොහැකිවන ලෙස මාස්ක් පැළද කැප් එකක්ද දමාගෙන ඒ.ටී.එම්. යන්ත්‍ර තුළට ඇතුළු වී මෙම සොරකම සිදුකරන බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

මෙම සොරකම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ මුදල් සොරා ගැනීමෙන් පසු ඒ.ටී.එම්. යන්ත්‍රයේ දත්ත පද්ධතිය තුළ මුදල් තවදුරටත් ඇති බව පෙන්නුම් කිරීමය. ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල් නොමැතිව එසේ මුදල් ඇති බව පෙන්නුම් කිරීමත් බැංකු ගණුදෙනුකරුවන් කිසිවෙක් සිය කාඩ්පත් යොදා මුදල් ලබානොගෙන මුදල් සියල්ලක්ම අතුරුදන්වීමත් ගැන සොයා බැලීමේදී මෙම සොරකම ගැන තොරතුරු බැංකු නිලධාරීන්ට මුලින්ම හසුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම විදේශිකයන් හික්කඩුවේ පිහිටි බැංකුවට ඇතුළු වී එහි ඒ.ටී.එම්. යන්ත්‍රය හැක්කර ඇත්තේ 30 වෙනිදා අලුයම 1.40ට පමණය. මෝටර් රථයකින් පැමිණි ඔවුන් මද වේලාවක් එහි රැදී සිටිමින් එහි ඒ වන විට තිබුණු සියළුම මුදල් දිගටම ඒ.ටී.එම් යන්ත්‍රයන් පිටතට ගෙන තිබේ. එසේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් පිටතට ගත් මුදල් ප්‍රමාණය රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක මුදලකි.

අනතුරුව ඔවුන් ගොස් ඇත්තේ කරාපිටියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රය වෙතය. අලුයම 3.22ට පමණ ඔවුන් යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වී එය හැක් කලත් ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් පමණි. ඊට මුල්වී ඇත්තේ සුදු ජාතික විදේශිකයන් දෙදෙනෙකු ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටියේ වැඩි වේලාවක් රැදී සිටිනු හේතුවෙන් බැංකු ආරක්ෂකයා ඒ ගැන විමසිලිමත් වීම හේතුවෙන් අතට ඒ වන විට ලද මුදල පමණක් රැගෙන ඔවුන් පිටව යාමය.

තෙවැනි සොරකම සිදුවන්නේ බද්දේගම පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රය තුළය. පෙර මෙන්ම ඔවුන් එම යන්ත්‍රයද හැක්කර සොරාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් පනස්හත් ලක්ෂයකි.

මෙම විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු වන්නේ ඔවුන් සතුව ඇති කුඩා උපකරණයක ආධාරයෙන් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම උපකරණය ඒ.ටී.එම්. යන්ත්‍රය හා සම්බන්ධකර ඇතැයි පෙනීගොස් ඇත්තේ බැංකු කාඩ්පතක් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු කර ගණුදෙනුවක් කිරීමත් සමගිනි. මෙම විදේශිකයන් ඒ.ටී.එම්. යන්ත්‍රය අසල රැදී සිටිමින් ගණුදෙනුකරුවෙක් ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමත් සමඟ ඊට ඇතුළු වී සිය උපකරණ යන්ත්‍රය හා සම්බන්ධකරමින් මෙම සොරකම ඔවුන් සිදුකරන බව පෙනී ගොස් තිබේ.

මෙම විදේශිකයන් ගමන් කළ මෝටර් රථය ඔස්සේ සැකකරුවන් හදුනා ගනිමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්