‘ගෝඨා ගෝ ගම’ නඩත්තු කිරීමට අගමැති විසින් කමිටුවක් පත්කරයි !

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා ඇති ගෝඨා ගෝ ගම විරෝධතා භූමිය නඩත්තු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත . කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, රුවන් විජේවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ඒකකයකට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින්ට ගෝඨා ගෝ ගම පරිශ්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව සොයා බලන ලෙස තමන්…

සන්නාම ජාතිකවාදය

( කුමාර ලියනගේ ) ලෝක සමාජ දේශපාලනික සංවාදවල කොතැනක හෝ branded nationalism – සන්නාම ජාතිකවාදය නමින් සංකල්පයක් ඇද්දැයි මම නො දනිමි. අන්තර්ජාලය පිරික්සුව ද එවැන්නක් සොයාගත නො හැකි විණි. නව ලිබරල් යුගයේ සමාජය නම් වූ අවකාශය වෙළෙඳපළක් බවට පරිවර්තනය වනු දැකි ය හැකි ය. එහිදී සිදු වන්නේ කවර බුද්ධි මට්ටමක, වෘත්තීය තත්ත්වයක, විශිෂ්ටත්වයක සිටින්නෙකු වුව…

ඇමතිවරු සිව් දෙනෙකු දිවුරුම් දේ !

‪නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු මීට‍ සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය .  දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජී.එල්. පීරිස්  විදේශ කටයුතු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස  සහ කාංචන විජේසේකර – විදුලි හා බලශක්ති ‬අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

ඉන්ධන සංචිත අවසන් වීමේ අවදානමක් !

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන නෞකාවක් මෙරටට ලගා නොවුනහොත් මෙරට ඉන්ධන සංචිතය ක්‍රමයෙන් අවසන් අදියරට පැමිණීමේ අවදානමක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි . මෙම තත්ත්වය ඉදිරියට ද පැවතුන හොත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදීම පවා සීමා විය හැකි බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසීය .  රට තුළ පවතින ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 60…

රජයේ සේවකයින්ට පඩි ගෙවන්න , සල්ලි අච්චු ගහන්න වෙනවා !

මෙම අවස්ථාවේදී මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසි අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බී බි සී සිංහල සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි . මේවනවිට රජය සතුව පවතින්නේ රුපියල් බිලියන 100 ක් පමණක් වීම ඊට හේතුව බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය . ජනතාවගේ මෙම ගැටලුවලට…

උච්චමුනෙයි දූපත ගැන ඇත්ත දැනගමු !

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී. නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්‍ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්‍රසිද්ධියේ සාවද්‍ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය…