නවතම පුවත්

ලාංකීය දේශපාලන රෝලර්කෝස්ටරයේ කරනම් ගැසීමට නියමිත විපක්ෂය හා විකල්පය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලාංකීය දේශපාලන භූමිය එළඹෙන කාල පරිච්ඡේදය තුල තව තවත් උණුසුම් වීමට නියතය. එයට හේතුව වන්නේ නැවුම් දේශපාලන පක්ෂයක් තුලින් බිහිවූ ප්‍රබල දේශපාලන නායකත්වයත් එමෙන්ම  නව වසර මුල් කාර්තුව තුල පැවැත්වීමට පාර්ලිමේන්තු මැතිවරණයත් හා ඒහා සබැදි තවත් දහසක් වූ දේශපාලනික කාරණා හේතුවෙනි. ඒ අතරින් ලාංකීය දේශපාලන ප්‍රේක්ෂකයා සැදී පැහැදී සිටින්නේ තවත් නොබෝ දිනකින් ඇරඹීමට නියමිත දියවන්නා සුදුරෙදි හොරුන්ගේ සංගමය විසින් සංවිධානය කර වේදිකාගත කිරීමට නියමිත “ගෙඹි” හා “රිළා” වන්නම් ඇතුලත් ඔවුන්ගේ සුපුරුදු දේශපාලන නර්තන ප්‍රසංගය නැරඹීමටය. මේ සියලු කාරණා අතරින් තවත් දේශපාලනිකව වැදගත් කාරණා ද්විත්වයක් වෙත අවධානය යොමු කළ යුතුය. එනම් ජනපති මැතිවරණ පරාජයත් සමග නැවතත් කරලියට පැමිණි එ.ජා.ප නායකත්ව අර්බුදය මගින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හැඩය අවිනිශ්චිත වීම හා ජ.වි.පය ලද අන්ත පරාජය සමග ලාංකීය දේශපාලන විකල්පය තවදුරටත් වලංගු වන්නේද යන ප්‍රශ්නයන්ය.

එ.ජා.පයේ කලින් කලට මතුවන නායකත්ව අර්බුදය මෙවර පෙර කවරදාටත් වඩා උණුසුම් ස්වරූපයක් ගන්නා බවට දැන් දැන් ඉගි පල වෙමින් පවතියි. එයට හේතුව වන්නේ පෙර කිසිදාටත් වඩා මෙවර ඉස්මතු වූ නායකත්ව අර්බුද්යේ හැඩය අතිශය උණුසුම් හා තීව්‍ර බැවිනි. වික්‍රමසිංහ පිළ වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ප්‍රේමදාස පිල මේ වන විටත් කටයුතු සම්පාදනය කිරීමත් එහි අවසන් ථලය බොහෝ විට සම්ප්‍රදායික එ.ජා.පයෙන් විතැන් වූ රදළ පැළැන්තික නොවන ගම්මට්ටමේ දේශපාලන ප්‍රබලයින් රැසක් පෙරදැරි කර ගත් නව දේශපාලන පක්ෂයක් බිහිවීමට ඇති ඉඩකඩයි. 

සජිත් පිළ මෙවර සිටින්නේ ජනපතිවරණය පරාජය වුවත් එ.ජා.පය තුල ප්‍රබල ස්ථාවරයක බැව් පැහැදිලිය. සිය අපේක්ෂකයා මැතිවර්ණයේදී සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමත් ඒ සමගින් පවතින පක්ෂ නායකත්වය ඉවත් කළහොත් තමන්ට ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ ජයග්‍රාහි ලෙස මෙහෙයවිය හැකිවනු ඇති බවට පක්ෂයේ පසුපෙළ දේශපාලාඥයින් හට ස්ථිර වු විශ්වාසයය. පශ්චාත් මැතිවරණ කතිකාවේ ඔවුන්ගේ ප්‍රධානම චෝදනාව වන්නේ පක්ෂයේ ජ්‍යේෂඨයින් හිතමතා සිය ජනපතිවරණ අපේක්ෂකයා පරාජය කිරීමට කටයුතු කළ බවයි. එසේම දෙපාර්ශවයම පවතින අර්බුදය පිළිබදව නිසි ස්ථාවරයන් නොපෙන්වුවද මේ වනවිට එ.ජා.පය මධ්‍යයෙන් ඉරිතැලුණු ඛණ්ඩනය අතිශය පුළුල්ය. එනයින් ප්‍රජාත්නත්‍රවාදී දේශපාලන රාමුවක් තුල වත්මන ක්‍රියාත්මක සුළුතර භාරකාර ආණ්ඩුවට හා නව ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාව දේශපාලනිකව තුලනාත්මව ඉදිරියට ගෙනයාම සදහා ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව තදින් දැනේ. නමුත් ප්‍රධාන විපක්ෂය තුල පවතින වත්මන් දේශපාලන අර්බුද හා කඹ ඇදිලි හේතුවෙන් විපක්ෂයේ භූමිකාව මේ මොහොත වනවිට අතිශය අවිනිශිචිත තත්වයකට පත්ව හමාරය. මෙම තත්වය ප්‍රජානතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයක් තුල අතිශය හානිකර තත්වයක් ලෙස ද හදුනා ගත යුතුය. 

එ.ජා.පය එලෙස දේශපාලනිකව දියාරු වෙමින් පවතින මොහොතක අනෙත් අන්තයෙන් සිය දේශපාලන මල ගමට ලහි ලහියේ සූදානම් වන්නේ ශ්‍රී.ල.නි.පයයි. පොහොට්ටුවේ ඉස්මතුවීමත් සමගම ශ්‍රී.ල.නි.පයේ අවසානය මෙලෙස සනිටුහන් වෙමින් තිබේ. සම්ප්‍රදායිකව දැවැන්ත දේශපාලන පක්ෂ එසේ දියවෙමින් යන මොහොතක ලාංකීය දේශපාලනයේ විකල්පයයනු තවදුරටත් ජ.වි.පයමදැයි සමකාලීනව පැනනගිනා තවත් ප්‍රායෝගික ගැටලුවකි. ජ.වි.පය නැතහොත් ජාතික ජන බලවේගය මෙවර ජනපතිවරණයෙන් ලද අන්ත පරාජයත් සමග ලාංකීය දේශපාලන භූමිය තුල ජ.වි.පය නොවන කණ්ඩායමකට හෝ කණ්ඩායම් සමූහයකට ශක්තිමත්ව දේශපාලන විකල්පය ලෙස ගොඩ නගීමට කදිම වපසරියක් නිර්මාණය වී තිබේ. එය ලාංකීය දේශපාලන විෂයෙහිලා එය ඉතාමාත් සාධණීය කාරණයකි. ජ.වි.පය කෙතරම් දේශපාලනිකව කැපකිරීම් සිදු කළද ඔවුන් විසින් කලක පටන් ගොඩ නගා ගත් දේශපාලන විනය හා සංයමය ඔවුන් විසින්ම විවිධාකාරයෙන් දමන ලද දේශපාලන වෙට්ටු (චන්ද්‍රිකා, මහින්ද පාලනයේ සිට ෆොන්සේකා, රනිල් දකවා) හා මුක්කු හේතුවෙන් සාමාන්‍ය ජනතාව අතර ජ.වි.පය කෙරෙහි ප්‍රසාදයකට වඩා බලවත් සැකයක් නිර්මාණය කිරීමෙහිලා ප්‍රබල දායකත්වයක් සැපයීය. එහි උච්චතම අවස්ථාව වූයේ මෙවර ජනපතිවරණයේදී ඔවුන්ගේ අපේක්ෂකයා ලද අනපේක්ෂිත අන්ත පරාජයයි.

ජ.වි.පය වත්මන වැටී සිටින ගොහොරුවෙන් ගොඩට ඒමට නම් ඔවුන් මුල සිට වෙනස් විය යුතුව ඇත. ඔවුන්ගේ ආකල්ප, ප්‍රතිපත්ති හා ක්‍රමවේද සියල්ලක්ම පාහේ වෙනස් කර ගත යුතුව ඇත. ඒ අනුව සමකාලීන ලාංකීය දේශපාලනය ක්‍රියාත්මක වන්නේ නිසි විපක්ෂයක් හෝ විකල්පයක් නොමැතිවය. එවන් තත්වයක් යටතේ ප්‍රේමදාසලාට වික්‍රමසිංහලාට මෙන්ම අනුරලාහටද රාජපක්ෂවරුන් විසින් වේගයෙන් කරකැවීමට නියමිත දේශපාලන රෝලර්කෝස්ටරයේ උඩට පහලට වේදනාත්මකව කරනම් ගැසීමට සිදු වනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සෙකා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්