නවතම පුවත්

වසර ගණනක් ගල් වී තිබූ පොලිස් ලොක්කෙකුගේ මස්සිනා කරන ජාවාරම් ගැන විමර්ශන ඇරඹේ

අසංක

අසංක

වසර තුනකට අධික කාලයක් තිස්සේ නිසි විමර්ශනයකට ලක්නොවී ලිපි ගොනුවකට පමණක් සීමා වී තිබුණු සීනි කන්ටේනර් තුළ සගවා බ්‍රසීලයේ සිට මෙරටට කොකේන් රැගෙන ඒමේ මහා පරිමාණයේ ඡාවාරම පිටුපස සිටින බව කියන පොලීසියේ විශේෂ අංශයක ඉහළම නිලධාරියෙකුගේ මස්සිනා සම්බන්ධයෙන් යටගැසී තිබුණු විමර්ශන අද 01 සිට නැවතත් ආරම්භ වී තිබේ.

ඒ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටීමත් සමගය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.

ඒ අනුව පොලිස් මස්සිනා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තිබුණු රහස් ගොනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිය භාරයටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ද කලම්බු එක්ස්ප්‍රස් වෙත පැවැසීය.

සීනි කන්ටේනර් තුළ සගවා මෙරටට කොකේන් රැගෙන ඒමේ ජාවාරම මුලින්ම හෙළිවන්නේ 2016 වසරේ ජුනි 14 වෙනිදාය. ඒ මුදල් අමාත්‍යාංශයට අනුයුත්තව ස්ථාපිතර තිබුණු විශේෂ වැටලීම් ඒකකයේ සේවයේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් වන පොලිස් පරීක්ෂක කේ.ඒ. ප්‍රේමලාල් නැමැති නිලධාරියාට ලද තොරතුරකට අනුවය. ඒ අනුව ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සැකකටයුතු කන්ටේනරයක් පරීක්ෂාවට ලක්වන අතර එහිදී ඒ තුළ තිබී හමුවන්නේ කොකේන් කිලෝ 80 කි.

අනතුරුව විටෙන් විට සැකකටයුතු තවත් සීනි කන්ටේනර් පරීක්ෂානට ලක්කරන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයය සහ රේගු නිලධාරීණ් කොකේන් කිලෝ 1500 ක් පමණ සොයා ගත්තේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලයේ අවස්ථා දෙකකදී ප්‍රසිද්ධියේ විනාශ කරන්නේ එම කොකේන්ය.

මෙම කොකේන් ජාවාරම පිටුපස පොලිස් ලොක්කෙකුගේ මස්සිනා සිටින බව හෙළිවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කොකේන් කන්ටේනර් ගැන කෙරුණු වැඩිදුර විමර්ශන වලදීය.

මොහොමඩ් සම්සුදීන් නැමැති එම පොලිස් ලොක්කාගේ මස්සිනාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ප්‍රශෟණ කර අත්අඩංගුවට ගැනීමට සූදානම් වූවත් පොලිස් ලොක්කාට තිබුණු දේශපාලන හයිය හේතුවෙන් අවසානයේදී ඔහුව මුදා හැර තිබුණේ කොකේන් කන්ටේනරය ගැන තොරතුරු පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්ට ලබාදුන් සුජිත් ගුණසේකර නොහොත් කුංෆු සුජී නැමැති පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙනි.

පොලිස් ලොක්කාට ඇති දේශපාලන හයියෙන් මෙතෙක් කලක් එම ලිපි ගොනුව නිසි විමර්ශනයකට ලක්ව තිබී නැත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් 2017 වසරේදී පුවත්පත් වාර්තා කර තිබුණේ මෙසේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි