නවතම පුවත්

කුළුණු මතින් දිවෙන විදුලි දුම්රියෙන් අලුත් වෙන කැළණි වැලි කෝච්චිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ හා අවට නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් පවතින මාර්ග තදබදය , කලක සිටම කාගේත් කතාබහට ලක්වන මාතෘකාවකි. නොයෙක් තාවකාලික විසඳුම් යොදා බැලුව ද සාර්ථකත්වයක් නොලද ප්‍රවාහන ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් අවශ්‍ය බව, මේ වනවිට කොයි කාටත් හොදින් පැහැදිලිවී ඇති කරුණකි.

රටේ දුම්රිය පද්ධතිය ශක්තිමත් කිරීම , මේ වනවිට මෙම ප්‍රවාහන ප්‍රශ්නයට දීර්ඝකාලීන හා තිරසර විසදුමක් ලෙස හඳුනාගෙන ඇති අතරම ,. දැනටමත් නව දුම්රිය මාර්ග කිහිපයක්ම රට තුල ගොඩනැන්වීමට යෝජිතව ඇත.

නාග­රික රථ-වාහන තද­බ­දය ඉවත් කර කඩි­නම් ප්‍රවා­හන පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම වෙනු­වෙන් ගුවන් දුම්රිය මාර්ග ඇර­ඹීමේ ක්‍රියා­ව­ලියක්ද ආරම්භ කිරීමට රජය මේ වනවිට සැලසුම් කර ඇත.

එහි ප්‍රථම ව්‍යාපෘ­තිය කැලණි-වැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මටද රජය සැලසුම් කර ඇත.

ඒ අනුව ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ඒඩීබී) ආධාර ඇතිව කැලණි-වැලි දුම්රිය මාර්ගය ගුවන් දුම්රිය මාර්ග­යක් ලෙස කොළඹ සිට කොට්ටාව දක්වා ඉදි කිරී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මෙහිදී කොට්ටාවේ සිට පාදුක්ක දක්වා බිම් මට්ටමේ ද්විත්ව දුම්රිය මඟක් ලෙසත්, එතැන් සිට අවි­ස්සා­වේල්ල දක්වා මාර්ගය තනි මාර්ග­යක් ලෙසත් සංව­ර්ධ­නය කෙරේ. වසර 5ක් තුළ මෙහි වැඩ­ක­ට­යුතු සම්පූ­ර්ණ­යෙන්ම නිම කිරී­මට පිය­වර ගැනෙනු ඇත. ඒ සඳහා ආසි­යානු සංව­ර්ධන බැංකුව විසින් ඇම­රි­කන් ඩොලර් බිලි­යන 1.5ක පමණ මුද­ලක් සැප­යී­මට කට­යුතු කර ඇත.

මෙහිදී දැනට තිබෙන දුම්රිය මාර්ගය මුළු­ම­නින්ම ඉවත් කර, එයට සමා­න්ත­රව ගුව­නින් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන අතර කොළඹ සිටම ද්විත්ව මාර්ග­යක් සහි­තව දුම්රිය මඟ ඉදි කෙරේ. ඒ අනුව සමස්ත කැලණි-වැලි දුම්රිය මාර්ග­යම විදුලි දුම්රිය සේවා­ව­න්ගෙන් සම­න්විත කෙරෙන අතර, දැනට ස්ථාපිත දුම්රිය ස්ථාන­ව­ලට අම­ත­රව තවත් දුම්රිය ස්ථාන දෙකක් ඉදි කෙරෙනු ඇත. ඒ ගොල්ෆ් ක්‍රීඩාං­ග­ණය අසල (මාතා පාර) හා කොට්ටා­වට සමී­පව (දඹ­හේන) දුම්රිය ස්ථානය වශ­යෙනි. එමෙන්ම කොටා පාර, නාරා­හේ­න්පිට, පැඟි­රි­වත්ත, කොට්ටාව දුම්රිය ස්ථාන නග­ර­යට ආසන්න ස්ථාන­වල ස්ථාපිත කෙරේ.

. මේ නවීකරණ හා සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ වසර 2035 දක්වා වන මඟී අවශ්‍යතා සැලකිල්ලට ගෙනය .ආරම්භයේදී කොළඹ සිට නුගේගොඩ දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ගුවන් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන අතර නුගේගොඩ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

කැලණිවැලි ගුවන් දුම්රිය මාර්ගය ඉදි කෙරෙන්නේ කාර්යාල බහුල වේලාවන්හිදී පැය 4ක් (පෙරවරු 7 සිට 9.00 දක්වා හා පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා) විනාඩි 7කට එක් පැත්තකට දුම්රියක් ධාවනය වන පරිදිය. ඒ සඳහා අලුතින් විදුලි දුම්රිය 21ක් ආනයනය කිරීමට නියමිතය .

මේ විදුලි දුම්රියට ,මැදිරි 10ක් 12ක් වැනි විශාල සංඛ්‍යාවක් අමුණා ධාවනය කළ හැකි වීම විශේෂත්වයක් වේ.

. මීටර් 5.2ක ඉහළින් නව ගුවන් දුම්රිය මාර්ගය ඉඳි කෙරෙන අතර දුම්රිය ධාවනය කෙරෙන්නේ තවත් මීටර් 5ක් ඉහළිනි. ඒ අනුව බිම් මට්ටමේ සිට මීටර් 10ක් ඉහළින් දුම්රිය මාර්ගය ඉදි කෙරේ.

මේ ව්‍යාපෘතිය අධික ජන ඝනත්වයක් සහිත නගර හරහා ස්ථාපිත කිරීමට යෝජිත හෙයින් ව්‍යාපෘතිය හෙතිවෙන් නිවාඅ අහිමිවන ජනතාවට අවශ්‍ය විසදුම ලබාදීමටද සැලසු කර ඇත.. ඒ සදහා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව නව නිවාස 1248ක් පදිංචිකරුවන් වෙනුවෙන් ඉදි කිරීමට කටයුතු කර තිබේ.
එසේම මේ ගුවන් දුම්රිය මාර්ගය මෙරට පරිසර හිතකාමී පළමු දුම්රිය මාර්ගය ලෙසින්ද හදුන්වා ඇත. ඒ අනුව පරිසර හිතකාමී ලෙසින් අධික ශබ්දය මෙන්ම කම්පනවලින් සිදු වන පීඩාවලින් තොරව මේ මාර්ගය ස්ථාපිත කෙරෙන අතර මාර්ගය ඉදි කිරීමේදී වුවද භූගත කුලුනු බැස්සවීමේදීද ඉහළින් දැඩි පහර එල්ල කරමින් කුලුනු ගිලා බැස්සවීම් සිදු නොකෙරේ. ඒ සදහා නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව තුළට බැස්සවීම් සිදු කෙරෙනු ඇත.

එසේම මාර්ගය ඉදි කිරීමෙන් පසුව දුම්රිය ධාවනයේදී ඇති වන ශබ්දය හා කම්පනයන් සම්බන්ධයෙන්ද මේ වන විට පුළුල් අන්තර්ජාතික මට්ටමින් යුක්තව කටයුතු කර තිබේ. ඒ සදහා දුම්රිය මග දෙපසින් මීටර් 50ක් දක්වා දුරකට ඇති ගොඩනැගිලි කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

ඒ අනුව මේ මාර්ගය දෙපස ඇති පාසල් රෝහල් වැනි සංවේදී ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සෙසු මහල් ගොඩනැගිලි මෙන්ම නිවාස කෙරෙහිද විශේෂ අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම මේ මාර්ගය අවට පිහිටි සියලු ගොඩනැගිලිවල උස මේ වන විටත් ලබා ගෙන ඇති අතර ඒ උසට අනුව අති විය හැක් ශබ්දය පිළිබව මේ වන විටත් අධ්‍යයනය කර ඇත.

ඒ අධ්‍යයනයට අනුව අදාළ වන පරිදි ශබ්දය හා කම්පනයට ඔරොත්තු දෙන පරිදි සෙන්ටිමීටර් 25ක කොන්ක්‍රීට් තාප්පයක් (SOUND BARRIER) දුම්රිය මඟ දෙපසින් ඉදි කෙරෙනු ඇත. ඇතැම් විට එය මීටරයක් දක්වා ඉහළ යෑමට පුළුවන. ඒ අදාළ ප්‍රදේශවල නිකුත්වන ශබ්දය හා කම්පන සැලකිල්ලට ගනිමිනි.
දුම්රිය ස්ථාන ආසන්න ලෙසින් පිහිටීම නිසා අධික වේගයකින් මේ මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි වන නමුත් පැයට කිලෝමීටර් 60ක් හෝ ඊට වැඩි වේගයකින් මේ මාර්ගයේ ධාවනයට ඇණවුම් කෙරෙන දුම්රියයන්ගේ පහසුකම් ඇත. එසේම අවශ්‍ය පරිදි ක්‍රමයෙන් මැදිරි වැඩි කළ හැකි බවක්ද මේ විදුලි දුම්රියයන් සතුවිම අප වැනි රටකට අවශ්‍යම වන්නේ වැඩිවන මඟී සංඛ්‍යාව අනුව ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කළ යුතු බැවිනි

ශ්‍රී ලංකාවේ කම්පනය මැන බැලීමේ අන්තර්ජාතික ක්‍රමවේදයක් අනුව නීති පද්ධතියක් නොමැති වුවත් කම්පන කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබීම පැසසිය යුතුය.

දිනපතා වාහන තදබදයට හසුවන ජනතාව ගේ මහමඟට ගතවන කාලය ගණනය කළ බැලුවහොත් විනාශවන වැඩ පැය ගණන අති මහත්ය . ඒ නිසාම ප්‍රවාහන ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි නව ව්‍යාපෘති හරහා රටේ ආර්තික ප්‍රගමනයට ලැබෙන දායකත්වය සුවිශාල වනු ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්