නවතම පුවත්

ගාලු මුවදොර අඳුර නසන්න අලුත් වැඩපිළිවෙළක්

අසංක

අසංක

ගාලු මුවදොර පිටිය අඳුරු ස්වභාවය දුරලමින් විදුලි බුබුලු භාවිත කොට ආලෝකමත් කිරීම සඳහා වරාය කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශක සේවා සමාගම (SLMPCS) විසින් මේ පිළිබඳ සිය අවධානය යොමු කොට මාසයක් තුළ දී ආදළ කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරු, වෙරළ තීරය හා ගාලු මුවදොර පිටිය එහි පවතින සුළං හා අනිකුත් සාධක සැලකිල්ලට ගනිමින් අදාළ ව්‍යාපෘතිය වඩාත් අලංකාරවත්, ප්‍රමිතියෙන් යුතු හා කල්පවතින ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරේ.

මෙහිදී සූර්ය පැනල මගින් ක්‍රියත්මක වන වඩාත් පරිසර හිතකාමී විදුලි බුබුළු භාවිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනු ඇත.


‍ගාලු මුවදොර පිටිය මහජනතාව නිතර ගැවසෙන, විවේකය හා විනෝදාස්වාදය ගතකිරීමට පැමිණෙන මෙන්ම ශරීර සුවතාවය සඳහා ද ප්‍ර‍කට ස්ථානයන්ගෙන් එකකි.

ඒ අනුව එහි පාරිසරික සුන්දරත්වය, ආකර්ෂණීය භාවය සන්ද්‍යා කාලයේ ආලෝක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය වන බවට අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි