නවතම පුවත්

පළමු ටෙස්ට් තරගයේදීම සිම්බාබේ ප්‍රභල තැනක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට්  තරගයේ පළමු දිනය වූ ඊයේ (19දා) නිමා වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ක්‍රෙග් අර්වින් ලකුණු 55ක් ලබා සිටින අතර බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 13ක් ලබා සිටියි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හරාරේහිදී පැවැත්වේ.

කාසියේ වාසිය හිමිකර ගත් සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ෂෝන් විලියම්ස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙහිදී කෙවින් කසුසා, එන්ස්ලේ ලෝවු සහ වික්ටර් නයාචි යන ක්‍රීඩකයින් තිදෙනාම නවක ක්‍රීඩකයින් ලෙස ඊයේ ටෙස්ට් වරම් හිමිකරගැනීම කාගේත් අවධානය යොමුවිණි. මේ අනුව කෙවීන් කසුසා සමග ප්‍රින්ස් මෙස්වාර් සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට සෙමෙන් නමුත් ස්ථාවර ආරම්භයක් සනිටුහන් කළහ.

ඒ අනුව පළමු කඩුල්ලට ලකුණු 96ක ආරම්භයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූයේ ප්‍රින්ස් මස්වෝරේගේ මංගල ටෙස්ට් අර්ධ ශතකයද සනිටුහන් කරමිනි. ඔහු සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 55ක් ලබා සිටියදී දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කෙවින් කසූසා සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කළේ පන්දු 178ක් වැය කරමිනි. ඔහු සිම්බාබ්වේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් ලකුණු 63ක් ලබා සිටියදී දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ක්‍රෙග් අර්වින්ද සිය ටෙස්ට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූයේ පන්දු 103ක් තුළදීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර හා ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය. අද (20දා) තරගයේ දෙවැනි දිනයයි.

සිම්බාබ්වේ පළමු ඉනිම 189/2 (පන්දුවාර 84)

ප්‍රින්ස් මෙස්වාර්  55 (149,4×7), කෙවීන් කසුසා 63 (214,4×5,6×1), ක්‍රේග් අර්වින් 55* (116,4×3,6×3), බ්‍රෙන්ඩන් ටේලර් 13* (25,4×1,6×1), ලසිත් ඇඹුල්දෙණිය 1/69 (පන්දුවාර 21), ළහිරු කුමාර 1/37 (පන්දුවාර 16)

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?