නවතම පුවත්

නාලන්දාව බැබළවූ මිණි පහනක් නිවී යයි

අසංක

අසංක

නාලන්දාවට විශිෂ්ඨ සේවයක් කළ ධර්මා ගුණසිංහයන් අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ ධර්මා ගුණසිංහ මහතා අවුරුදු අනූවක් ආයුවලඳා අද දින අභාවප්‍රාප්ත වූයේය.

1958 වසරේ  විද්‍යා ගුරුවරයකු ලෙස නාලන්දා විද්‍යාලයට එක්වූ එතුමා ඉන් පසුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ඉමහත් සේවයක් ඉටු කළේය.ඉන් පසුව නාලන්දා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වූ එතුමා තම සේවා කාලය තුළ නාලන්දාවෙහි උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ධර්මා ගුණසිංහ මහතා උසස් අධ්‍යාපන සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූයේය.


ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ පාසල වන නාලන්දාව දියුණුවෙන් දියුණුවට පත් කිරීම සඳහා තම ජීවිත කාලයම කැපකල ධර්මා ගුණසිංහ මහතා සර්වෝදය සංගමයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් මෙන්ම සර්වෝදය භාර අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස ශ්‍රි ලංකාවේ ජනතාව්ගේ ප්‍රගමනය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළේය.

එතුමා අද්විතීය පඬිරුවනක් වූ දිවංගත සිරි ගුණසිංහ මහතාගේ බාල සොයුරා වේ.

එතුමාගේ දේහය අද (23) දින උදෑසන 8.30සිට රාත්‍රි 10.00දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තබන අතර 24 වැනි සිකුරාදා උදෑසන 09.00 සිට සවස 2.00 දක්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ මලලසේකර රංග ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තබනු ලබයි.අවසන් කටයුතු අනිද්දා (24) සිකුරාදා 04.30 ටබොරැල්ල කනත්තේදී පැවැත්වීමට අවමංගල කමිටුව තීරණය කොට තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්