නවතම පුවත්

විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගැනීමේ නීතිපති උපදෙස් ගැන කරුණු හොයන්න කමිටුවක්

අසංක

අසංක

වැඩ තහනමට ලක්ව සිටින මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් යම් කරුණු අධ්‍යයනය කිරීමක් සඳහා පංච පුද්ගල කමිටුවක් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පත්කරනු ලැබීය.

නීති අංශයේ පොලිස් නිලධාරින් සමග අද රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු පොලිස්පතිවරයා විසින් එම තීරණ ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

නීති අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අපරාධ ලේඛනය ප්‍රධානීන් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා, පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩීජේ නන්දන යන මහත්වරුන්ය.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්