නවතම පුවත්

ඔක්කොම දන්න හිටපු ජනපති නිසා ආරක්ෂක ලේකම් හේමසිරිට වෙච්ච දේ අසාද් සාලි කොමිසමට කියයි

අසංක

අසංක

ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් රටේ ආරක්ෂාව ගැන තොරතුරු සඳහන් කරන විට ඒ බව දන්නා බව එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පවසන්නට වූ බැවින් බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා කැඳවා සෑම තොරතුරක්ම ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස ඔහුට පවරමින් තමා එම කටයුත්තෙන් ඉවත්වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමාට සඳහන් කර ඇති බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි කළේය.

ඔහු එසේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහු දන්නා තොරතුරු පිළිබඳ කොමිසම කළ විමසීමේ දී ය.

රටේ සියලුම පාසල් පද්ධතිය ආගමික සහ ජාති පදනමින් ඉවත් කළ යුතු බවත් තමා අධ්‍යාපනය ලද ඩී එස් සේනානායක විද්‍යාලය වැනි ක්‍රමවේදයක් පැවතිය යුතු බවත් ඔහු පෙන්වා දුනි.

ඩී එස් සේනානායක විද්‍යාලය විද්‍යාලයේ පන්සලක් කෝවිලක් පල්ලියක් තිබෙන බවත් සියලුම ජාති සහ ආගම් වල දරුවන් ඉගෙන ගන්නා බවත් ඔහු එහිදී පැවසීය.

මුස්ලිම් පාසල් වල සහ අනෙකුත් පාස වල නිවාඩු දිනයන් වෙනස් බවත් නෝම්බි වෙනුවෙන් මුස්ලිම් පාසල්වල වෙනම නිවාඩුවක් ලබා නොදිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

නෝම්බි උපවාසය කාලයේ දී පවා තමා පාසල් ගිය බවත් නෝම්බි උපවාසය සහ පාසල් නිවාඩු අතර කිසිදු සබඳතාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.

එසේම රටේ සියලුම පාසල් වල එකම විෂය නිර්දේශයක් තිබිය යුතු බවද ඔහු අවධාරණය කරමින් පැවසුවේ එකම නිවාඩු ක්‍රමයක් සියලුම පාසල්වලට ක්‍රියාත්මක කළ යුතු බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්