නවතම පුවත්

චමල්ට තර්ජනය කළ සැකකරු හමුදා-පොලිස් ලොක්කන්ටත් තර්ජනය කරලා

අසංක

අසංක

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඝාතනය කරන බවට තර්ජනය කරමින් කෙටි පණිවුඩ යැවූ පුද්ගලයා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සිය දෙනෙකුට පමණ මෙලෙස තර්ජනාත්මක පණිවුඩ යවා ඇතැයි අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

දුරකථන මගින් දිගින් දිගටම කෙටි පණිවිඩ යැවීම හේතුවෙන් මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී අනාවරණය වී තිබුණේ විසි නව හැවිරිදි මොහු රාජගිරියේ රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන බවයි.

කලක් මහණ වී සිටි මොහු දේශපාලන පක්ෂයකට ළැදිව ක්‍රියා කරන්නෙකි.

පිහි ඇනුමක් මගින් චමල් රාජපක්ෂ ඇමතිවරයා ඝාතනය කරන බවට සඳහන් පණිවුඩ මෙසේ යවා ඇත.

උසස් නිලධාරීන්ට, ඉහළ පෙළේ පුද්ගලයන්ට මෙලෙස තර්ජනාත්මක පණිවිඩ යැවීම පිටුපස කිසියම් බලවේගයක් ක්‍රියාත්මක ද යන්න පිළිබඳ පොලිසිය විමර්ශන අරඹා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්