නවතම පුවත්

පොලිස් පණිවිඩ හුවමාරුව අනතුරේ

අසංක

අසංක

  • දත්තවලට ඉඩ ඇත්තේ දින 3කට පමණයි
  • බිල් නොගෙවූ නිසා නඩත්තු සමාගම් අතහරී
  • රහස් පණිවුඩවලට තැපෑලේ පිහිටද?

පොලිසියේ වීපීඑන් පද්ධතියට සම්බන්ධ පොලිස් පණිවිඩ හුවමාරු කරන ඊමේල් පද්ධතිය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ පරිගණක ඉංජිනේරු සහකාර පොලිස් අධිකාරී තාරක සෙනවිරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ වීපීඑන් පද්ධතිය ස්ථාපනය කළේ 2011 පෙබරවාරි මාසයේ සිට බවත් ඒ තුළින් බලාපොරොත්තු වූයේ ආරක්ෂිතව සහ වේගවත්ව පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු හුවමාරු කිරීම බවත් ඔහු එහිදී සඳහන් කළේ ය .

2017 වසරේ සිට මෙම විද්‍යුත් තැපෑලට අදාල දත්ත පද්ධතිය ප්‍රධාන දත්ත ගබඩාව ඔරොත්තු නොදෙන තරමට පිරී තිබෙන බවත් ඒ තුළ ගබඩා කළ හැකි වන්නේ දින 2-3ක දත්ත පමණක් බවත් ඔහු කියා සිටියි.

එසේම නියමිත ගෙවීම් හේතුකොටගෙන මෙම දත්ත පද්ධතියේ නඩත්තු සහ සේවා කටයුතු කරන ආයතනය 2018 ජූලි 18 වැනිදා සිට සේවා කටයුතු වලින් ඉවත්ව තිබෙන බවත් ඔහු අනාවරණය කළේය.

මේ තත්ත්වය මත පොලිස් විද්‍යුත් තැපැල් පද්ධතිය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙන බවත් ඒ ගැන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් හෙතෙම කියා සිටී.

තවදුරටත් මේ තත්ත්වය වය පැවතිය හොත් විද්‍යුත් තැපෑලෙන් වේගවත්ව සිදු වන නව ක්‍රමය වෙනුවට පැරණි ක්‍රමයට තැපැලෙන් මුද්‍රිත පිටපත් ක්‍රමයට පණිවිඩ හුවමාරුව කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.

මේ ප්‍රමාදයට හේතුව කුමක්දැයි කොමිසම කළ විමසීමේදී ඔහු කියා සිටියේ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රමාදය මීට බලපා ඇති බව ය.

ඒත් සමග ඔහු අවධාරණය කරනු ලැබුවේ තමා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙක් වශයෙන් බවත් මෙම විෂය පොලිස්පතිවරයාද නොදන්නා බැවින් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට පත් කළ යුත්තේ ඒ පිළිබඳ විෂය කරුණු දන්නා පුද්ගලයකු බවත් ය.

ඒ සඳහා අදාළ විෂයය දන්නා පුද්ගලයින් ඒ ඒ අංශ වෙත පත්කිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ ද වගකීමක් පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්