නවතම පුවත්

වත්මන් දේශපාලනයේ, ජාතික සංවිධානයන්හි භූමිකාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අප කෙතරම් කැමති වුවත් අකැමැතිවුවත් අපගේ එදිනෙදා ජීවිතයෙ සියල්ල දේශපාලන යාන්ත්‍රනය මත රදා පවතින්නකි.

දේශපාලන සත්වයන් ලෙස අපි සෑම දෙනාටම දේශපාලනික තත්වයන්ගෙන් විනිර්මුක්තව සිටිය නොහැක. එනිසා රටේ ලෝකයේ සබුද්ධිකව හෝ අබුද්ධිකව ජීවත් වන සැමට දේශපාලනික සවිඥාණයක් පැවතිය යුතුමය.

රටක් ජාතියක් ලෙස ශතක 07ට අධික කාලයක් තිස්සේ අපේ ජනතාව දේශපාලන සබුද්ධික භාවයෙන් උපක්‍රමිකව ඉතා සියුම් ලෙස මුදවාලමින් ජාතියක් රටක් ආගමක් පිළිබඳව ස්වාධීනව සිතීමේ මනෝභාවයනගෙන් පවා ඈත් කොට ව්‍යාජ සහජීවනයේ හා සංහිඳියාවේ තිමිර පටලවලින් ඔවුන්ගේ දෑස් වසාලන්නට තරම් ඔවුන් ශූක්‍ෂම වූහ.

වත්මන් දේශපාලන පක්‍ෂ හා ක්‍රියාකාරි චරිත බිහිව ඇත්තේ බලකාමය මුල් කරගනිමින් සිය බලය කෙසේ හෝ තහවුරු කර ගැනීමේ මූලික අභිප්‍රායෙනි.

එම අභිප්‍රාය ඉටුකර ගැනීම වෙනුවෙන් ඔවුන් කොන්දේසී විරහිතව නිර්ලජ්ජිතව ඔනෑම දෙයක් සිදුකිරීමට සූදානම්ය. මෙම තත්වය හමුවේ මේ මිහිතලයෙන් සිංහල නමින් දේශයක්ද සිංහල නමින් ජාතියක්ද භෞතිකව මෙන්ම සංකල්පමය වශයෙන්ද රිසි සේ විනාශකොට දැමීමේ දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද සියලු පිඹුරුපත් අතිශය ශූක්‍ෂමව හා අතිශය සීඝ්‍රයෙන් ද ක්‍රියාත්මක වෙමින් පවති පවති.

එනිසා ගෙවෙන සෑම මොහොතක්ම උපයෝගී කොට ගනිමින් වහ වහා අප විසින් පෙරට පැමිණ ලෝක සම්මුතීන් විසින් පවා පිළිගන්නා පරිදි පොරණේ විරුවන් සේ රටක් ජාතියක් ආරක්‍ෂාකර ගැනීමේ ඓතිහාසික සත් කටයුත්තට නියමුවන් වීමට අතිශය තීරණාත්මක මේ මොහොතේදී තීරණය කොට ඇත.

ඒ සඳහා කොන්දේසී විරහිතව උතුම් අරමුණු හා ප්‍රතිපත්තීන් ගුරු තන්හි (නායකත්වයේ) තබා ගනිමින් ප්‍රතිපත්ති දිවිහිමියෙන් සුරකිමින් අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා අධිෂ්ඨානශීලිව ගමන් කිරීමේ නියමුවන් පමණක් වන්නට අප සූදානම්ය.

එහිදී නියමුවන් ලෙස අප නියමයෙන් හෝ අනියමෙන් විනාශකොට දැමුවත් අරමුණ හා ප්‍රතිපත්තීන් ගුරු තන්හි තබා ගත් යම් පිරිසක් හෝ අරමුණු වෙත දිවි ඇතිතෙක් පියමණිනු ඇත. 

වර්තමානය වන විට පක්‍ෂ දේශපාලනය තුළින් අගති වූ බලකාමී සිංහල මුස්ලිම් දෙමළ ආදී අවස්ථාවාදීන් විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ සිංහල බෞද්ධ සමාජය වසර 500ට අධිකව ආක්‍රමණිකයන්ගෙන් පෝෂණය ලබමින් සම්පූර්ණයෙන් පාහේ සී සී කඩ බෙදා වෙන් කොට අවසන්ය.

එම බෙදා වෙන්කිරීම (ෘසඩසාැ ්බා රමකැ ) 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව නෛතිකවම ස්ථාපිත කරන්නට තරම් ඔවුන් සමත් වූයේ නාමික නිදහසේ වහලුන් බවට අප පත් කරමිනි. එනිසා රට ජාතිය ශාසනය උදෙසා ඇස් පණාපිට කුමන අගතියක් සිදුවුවද තම දේශපාලනික අගතිගාමීත්වයෙන් පිට කිසිවක් සිතීමට පවා ඔවුන් මැලි වෙති. ඔවුන් තමුන් මහ ජාතියයැයි මාන්නයෙන් ඉදිමී නොදැනුවත්වම ජාතියේ මළගමට ඉක්මන් ගමනින් සක්‍රීයව දායක වන්නේ පාට පක්‍ෂ වලට බෙදී ඔවුනොවුන්ගේ බලකාමී අවස්ථාවාදී දේශපාලන නායකත්වයන් මතය.

නමුත් අරුමයක මහත දෙමළ මුස්ලිම් ආදි ජනවාර්ගික සමාජය සිය දේශපාලනික නායකත්වය මත එක හඬට අවනත වන්නේ ඔවුන්ගේ වාර්ගික සාමුහික අභිමතයන් දිනවීම පිණිසමය. එය මෑතකාලීන ඉතිහාසය විසින් වගේම පසුගිය ජනපතිවරණවලදීද මෙන්ම මැතිවරණවලදි මනාව ඔප්පු කළේය. සිංහලයන් දෙදෙනෙක් දෙපාර්ශවයට බෙදී තරග වදිද්දී එක සිංහලයෙකු පැත්ත ඔවුන් ගත්තේ සිංහලයන් දිනවීමට නොවන බව තරයේ සිහිතබා ගත යුතුය. 

පාරාජිකා වූ මෙම පක්‍ෂ දේශපාලන මනාප මඩගොහොරුවේ බැස කිමිදෙන්නට අප අතිශයින් පිළිකුල් කළද තීරාණාත්මක මෙම මොහොතේදී ජාතිය වෙනුවෙන් සියලු නින්දා, අපහාස, උපහාස, තර්ජන, ගර්ජන ආදි අඩම්තෙට්ටම් සියල්ල විද දරාගැනීමේ ආත්ම ශක්තියෙන් උඩුගම් බලා ගමන් කිරීමේ අධිෂ්ඨානශීලි ගමනට ප්‍රවිශ්ඨ වූයේ කෙසේ කොතනින් හෝ අපේ සත්ගමන ආරම්භ විය යුතුම නිසාය.

 ඒ සඳහා මේ මොහොතේදී එළැඹි කාලය හොදම කාලය යැයි හගිමින් අප කිසිදිනක අපේක්‍ෂා නොකළ ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහායට අතිශයින් පොදු අරමුණක් ගොඩ නැගීම වෙනුවෙන් ඉදිරිපත් වන තැනට  පැවැති සියලුම පාලන තන්ත්‍රයන් විසින් අප ක්‍රමිකව තල්ලුකොට දමා ඇත. පසුගිය ජනපතිවරණයේදි සක්‍රීවය අපට ඉදිරිපත්ව කටයුතු කරන්නට සිද්ධවූයේ එනිසාය. ජාත්‍යන්තරයේ අනුහසින් දේශීය කළු සුද්දනගේ ආශිර්වාදයෙන් පල්ලියේ සන්නද්ධ අංශය විසින් මෙහෙය වූ එල්. ටී. ටී. ඊ ත්‍රස්ථවාදය හුදු හුදකලා ක්‍රියාදමයක් නොවුනද විශේෂයෙන්ම ගෙවුණු මෑත කාලීන ඉතිහාසයෙන් වසර 2010 ට පෙර කාලවකවානුව පැවති ත්‍රස්ථවාදී ආදි නොයේක් ආක්‍රමණයන් නිසා පසෙක දැමුවත් ඉන් පසුව ගෙවී ගිය දසකයක කාල සීමාව කිසිසේත් පසෙකලා කතා කළ නොහැක.

එම ත්‍රස්තවාදී අරගලයේ නිමාවත් සමග ආරම්භ වූයේ සෑබැම සටන බවට ඉවෙන් මෙන් දැනී සංවිධානගත වීමට තරම් අපට සවිඥාණික බවක් දැනෙන්ට ඇත්තේ අවංකවම රට ජාතිය ශාසනය වෙනුවෙන් කැප වූ නිසාම වන්නට ඇත. එනිසා අප එකිනෙකා පෞද්ගලිකව මෙන්ම සංවිධානගතව රට දැය සමය වෙනුවෙන් අපේ මෙහෙයන් ජාතික යුතුකමක් සේ සලකා සිදු කරන්නට විය. එහිදි ඇතැම් සිද්ධීන් හා අවස්ථාවන් වලදී ගන්නා ලද නායකත්වයන් පෙරමුණුවල  ප්‍රථිපලයක් ලෙස වත්මන් ජාතික ප්‍රබෝධයේ නියමුවන් වන්ට හැකිවීම පිළිබඳ ඇත්තේ නිහතමානී සතුටකි.

පසුගිය ජනපති වරණයෙන්  සපත වූ මෑතකාලීන ජාතික ප්‍රබෝධයේ හැරවුම් ලක්‍ෂය වු ඓතිහාසික දඹුලු පුදබිම් සිදුවීමේ නියමුවන් වෙමින් කුඩා අනු කුඩා මෙන්ම ජාතික සංවිධාන රාශියකගේ බිහිවීමට මෙන්ම යළි ප්‍රාණවත්ව ඉදිරියට ඒමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කරන්නට අපට හැකිවිය. නමුත් අප සියලු සංවිධාන හා ක්‍රියාකාරීන් එක්ව රට දැය සමය උදෙසා යම් යම් සිද්ධීන් හා අවස්ථාවන් පාදක කරගනිමින් නොයේක් ක්‍රමෝපායන් තුළින් හා නොයේ මුහුණුවරින් නොයේක් බලපෑම් බලධාරීන් වෙත සිදු කළද ඒ සියල්ල තුළින් හිමි වූ දේට වඩා අහිමි වූ දේ බෝහෝ විය.

අවස්ථාවාදී බලලෝභි පාලන තන්ත්‍රයන් විසින් සුපුරුදු පරිදි සිදු කරන්නාවු රැවටීම්වලට සැමට නතු වන්නට වූයේද නොයේක් මුහුණු ස්වරූපයන්ගෙණි. ඇතැම් ප්‍රබල සංවිධාන හා චරිත ගොඩ නැගීගෙන ඉදිිරියට පැමිණෙන සෑම මොහොතකදීම ඔවුන් ඉතා ශූක්‍ෂම ලෙස නොයේක් ක්‍රම මගින් තමන්ගේ ග්‍රහණයට නතුකරගනිමින් සිය බලයේ පැවැත්ම වෙනුවෙන කටයුතු කරන්නට දේශපාලකවෝ දක්ෂවූහ. නමුත් මේ රටේ සුළු ජනවාර්ගික කණ්ඩායම් අප තරම් විරෝධතා, උද්ඝෝෂණ, ආදි ක්‍රියාදාමයන් තුළ නොයෙදුනත් ඔවුන් ඔවුන්ගේ වර්ගයා වෙනුවෙන් ඉල්ලීම් ඉතා නිහඩව දිනාගෙන ඇත.

 බලධාරීන් සෑම විටම බහුතර මතය හෑල්ලුවට ලක් කරමින් සුළු ජනවාර්ගික ඉල්ලීම් කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන්න පෙළඹෙන්නේ සුළු වාර්ගිකයන්ගේ කේවල්කිරීමේ දේශපාලන උගුලට හිරවෙමිනි. අප සංවිධානගතව බාහිර සමාජයේ මොනතරම් බලවේගයන් වුවද පාලකයන් එය සෘජුව සිය බලයට අභියෝගයක් ලෙස නොසලකා හැරීම අප දිගින් දිගටම දුටුවෙමු. යම් අරමුණක් ඉල්ලීමක් දිනා ගැනීමට සිදු කළ හැකි හා සිදුකළයුතු සියලු ක්‍රියාදාමයන් අවිහිංසාවාදීව  අප සිදු කළද ඒ කිසිවක් තුළින් කිසිදු තිරසර ජයග්‍රහණයක් නොලැබිණ. එනිසා අප ප්‍රත්‍යක්‍ෂයෙන් ලද අද්දැකීම් නිසාවෙන් සපත කරගත් යථාර්තය නම් මේ රටේ දේශපාලනික බලවේගයකින් මිස අන් කිසිදු ලෙසිකින් කුමන පාලන තන්ත්‍රයක් යටතේ වුවද අපගේ ජාතික අභිමතාර්තයන් එලෙසින්ම දිනාගත නොහැකි බවයි.

එනිසා තීරාණාත්මක දේශපාලනික බලවේගයක් තුළින් කේවල් කිරීමේ මුලික බලය මත පිහිටා නව බෞද්ධ දේශපාලනික චින්තනයක් යටතේ බෞද්ධ අපගේ උත්තුංග ප්‍රතිපත්ති හා අරමුණු නායකත්වයේ පරමාදර්ශීව පිහිටා ආරම්භ ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපාරයක් තුළින් නව දේශපාලනික සංස්කෘතියක් ගොඩ නගාගැනීමේ කාලය උදාවී ඇත.

 පුද්ගලානුබද්ධ දේශපාලනයක් හෝ එවන නායකත්වයක් තුළින් පමණක් අපගේ ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමේ පරම විශ්වාසයෙන් ඔබ්බට ගිය තීරණාත්මක ජාතිකවාදි දේශපාලන බලයක් අවැසිම මොහොතේදි ජාතික සංවිධාන නියමුවන් වූ භික්‍ෂූන් වහන්සේලා හා ජාතිමාමක ගිහි උදවිය ජාතිකවාදි දේශපාලන කදවුරක්ව රට හදන තැන හෙවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළ ස්ථානගතවිය යුතුමය.

ජාතික නායකත්වයක් රට භාරගෙන ඇති මේ මොහොතේ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් බෝහෝ අවධානම්ගෙන යහපාලන තක්කඩියන් සමග ගැටෙමින් ඉතිහාසයේ නොවූවිරූ ජාතිකවාදි දේශපාලන හැරවුමක් නිර්මාණය කරන්නට ඇප කැප වූ මෙන්ම ඒ වෙනුවෙන් අනේක දුක්ඛ දෝමනස්සයන් වින්දනය කළ අතළොසක් වූ ජාතික සංවිධානයන්හි භික්‍ෂූන් වහන්සේලා කීප නම හා ජාතිමාමක ගිහියන් අතළොස පසෙක දමා හෝ අතහැර දමා හෝ වමත්න ආණ්ඩුවේ පාලකයන්ට කටයුතු කළ නොහැක.

 මන්ද  සිංහල බෞද්ධ මනාප ගොඩ එක රැයකින් එක පිරිසක් නිර්මාණය කළ දෙයක් නොවන නිසාත් පසුගිය සමයේ ඇති වූ ජාතික අර්බුධ වගේම සමාජ දේශපාලන වාර්ගික ආදි සෑම අර්බුධකාරි අවස්ථාවකදීම භික්‍ෂුවගේ කාර්යභාරය සුවිශේෂි වූහ. එනිසාම පසුගිය සමයේදි භික්‍ෂුවගේ අවස්තාවෝචිත මැදිහත්වීම නොවන්නට රටක් ජාතියක් ශේෂ නොවන බව කාගේත් අදහස වූහ. රට ජාතිය ශාසනය වෙනුවෙන් සෑම තන්හිම සෑම කටයුත්තකදීම පෙරමුණ ගන්නා ලාංකීය භික්‍ෂුවට පාර්ලිමේන්තුව පමණක් අකැප වන්නට කිසිදු කාරණාවක් හෝ පදනමක් නොමැත.

 එනිසා මේ අවස්ථාවේ ඇති පහසුම හා සුදුසුම ක්‍රියාමාර්ගය නම් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමගේ ජාතික නායකත්වය වටා එක්රොක්ව පොහොට්ටුව හරහා සෘජුව හෝ පොහොට්ටු සන්ධානය ඇතුළතට වෙනයම් මාර්ගයකින් හෝ ප්‍රවේශ වී ජාතිකවාදි දේශපාලන කදවුරක්ව කටයුතු කරමින් බෝහෝ බාධක මැද පත්කරගත් ජාතික නායකයාට ව්‍යවස්ථාදායකය තුළදී ශක්තියක් වෙමින් රට වෙනුවෙන් පෙනී සිටීමයි.

මහ ලේකම්

සිංහලේ ජාතික පෙරමුණ                          

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි