නවතම පුවත්

විදේශිකයන් 26000ක් ලංකාවේ වැඩ- දසදහසක් ඉන්දියානුවෝ – දසදහසක් චීන්නු

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල මේ වනවිට නීත්‍යානුකූල ලෙස රැකියාවන්හි නිරතව සිටින විදේශිකයින්ගේ සංඛ්‍යාව 26500කට ආසන්න බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව රටවල් 23කට අයත් විදේශිකයින් 26434 දෙනෙකු පසුගිය පෙබරවාරි මස අවසන් වන විට මෙරට තුල රැකියාවන්හි නිරතව සිටි බවද මෙම වාර්තව් දැක්වේ.

මේ අතර චීන ජාතිකයින් 10800ක් පමණ දෙනා මෙරට රැකියා කරන අතර ඉන්දීය ජාතිකයින්ද 10300 කට ආසන්න පිරිසක් මෙරට රැකියාවල නිරතව සිටින බව වාර්තාවේ දක්වා ඇත.

මීට අමතරව බංගලාදේශ ජාතිකයින් , බ්‍රිතාන්‍ය ජාතිකයින් හා කොරියානු ජාතිකයින්ද දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුල රැකියාවන්හි නිරතවේ.

ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීම සඳහා විදේශිකයන්ට වීසා ලබා දෙන්නේ අංශ 3ක් යටතේ වන අතර ඒවා නම් වාණිජ මණ්ඩලය හරහා කරන විදේශ අයෝජන ව්‍යාපෘති, රජයේ ව්‍යාපෘතිවල ඉදිකිරීම් සඳහා සම්බන්ධව සිටින විදේශ සමාගම්, හා ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියා යන අංශ වේ.

කෙසේ වෙතත් මෙම නිල සංඛ්‍යා ලේඛනවලට මතරව නීති විරෝධීව ශ්‍රී ලංකාවේ සිටිමින් රැකියා කරන විදේශිකයින් රැසක් සිටින බවත් ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නිරන්තර වැටලීම් සිදුකරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙන්නේ මෙසේය.

( මෙම සංඛ්‍යාලේඛන පසුගිය පෙබරවාරි මස 20 දින දක්වා අදාලය )

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්