නවතම පුවත්

කොරෝනා මැඬලන මෙහෙයුමේ නිලධාරීන්ට සෝෂල් මීඩියා ඇතුළේ අපහාස කරන්නන්ට වැඩ වරදී

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සුළු අඩුපාඩු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බරපතල ලෙස විවේචනය කරමින් එම රාජ්‍ය සේවකයින්ගේ රාජකාරියට බාධා ඇතිවන අකාරයට කටයුතු කරන පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දිවයිනපුරා පිහිටි සියළුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ටත් අද 01) නියෝග කළේය.

කොවිඩ් 19 වෛරසය මෙරට තුළ පැතිරයාම වැලැක්වීමට රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය විවිධ රාජ්‍ය ආයතනවල සේවකයින් විසින් මනා කැපවීමකින් යුක්තව ලබාදෙමින් ඇති මොහොතක එම රාජ්‍ය සේවකයින්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය මෙන්ම ද්වේශසහගත ප්‍රකාශ ඇතුලත් වීඩියෝ දර්ශන අර්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කිරීමෙන් සිදුවන්නේ ඒ අය අධෛර්‍යයට පත්වීම බව පොලිස්පතිවරයාගේ අදහස වී තිබේ.

එබැවින් එසේ රාජ්‍ය නිලධාරීන්ගේ සුළු අඩුපාඩු විශාල අඩුපාඩු ලෙස හුවා දක්වමින් කටයුතු කරන පුද්ගලයින්ට එරහිව නීතිය ක්‍රියාකත්මක කරන ලෙස පොලිස්පතිවරයා නියෝගකර තිබෙන බව සදහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්