වයස අවුරුදු 30 ට වැඩි මෙරට ජනගහනයෙන් සියයට 60 කට මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත
මේ අතර මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 88,502 දෙදෙනෙකු සඳහා ඊයේ දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙන අතර . ඉන් පුද්ගලයින් එක් ලක්ෂ 69,280 දෙනෙකු සඳහා ලබාදී ඇත්තේ කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව වන බවද වාර්තාවේ
පුද්ගලයින් 18,772 දෙදෙනෙකු සදහා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙ. ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 31,544 දෙනෙකුට සහ එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 14,207 දෙනෙකු සදහා ලබාදී තිබෙ
මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 36,261 දෙනෙකු සඳහා ලබාදුන්නා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 4,528 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 679 දෙනෙකු සඳහා ද ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය .
ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි විසි දෙලක්ෂ 90,482 දෙදෙනෙකු සඳහා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව මේ වන විට ලබාදී තිබෙ. ඉන් මේ දක්වා දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව හැට අට ලක්ෂ 73,138 ක්.වේ.