නවතම පුවත්

‘ලංකාවේ මානව හිමිකම් ගැන අනෙක් රටවල් අවධානයෙන් ඉන්න’ – ජගත් මානව හිමිකම් මහකොමසාරිස්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජගත් මානව හිමිකම් කවුන්සිලය ලාබාදුන් අවස්ථා තුලින් නිසි ඵල ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්ව ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචේලේට් මහත්මිය අවධාරණය කර සිටී.

ලංකාවේ මානව හිමිකම් සම්භන්ධයෙන්, ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී අද (08) දින ප්‍රසිද්ධියට පත්කළ නවතම වාර්තාවේ මහකොමසාරිස්වරිය මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදුන් පොරොන්දුද නිසි ලෙස මෙතෙක් ඉටුකර නොමැති බවද මෙම වාර්තාවේ මහකොමසාරිස්වරිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශාඛා කාර්යාලයක් මෙරට පිහිටුවීම සඳහා කටයුතු කරන ලෙසද මෙම වාර්තාව මගින් මෙරට රජයට යෝජනා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්භන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් එම වාර්තාව , කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලා ඇත.

මෙම වාර්තාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන්නේ ලබන 20 වෙනි දින වන අතර එදින මේ සම්භන්ධව විවාදයක්ද පැවැත්වෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්