නවතම පුවත්

යුරෝපයේ තරුණයෝ ෆේස්බුක් අත්හරී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා එම සමාගම අපොහොසත් වීමේ ප්‍රතිපලයක් ලෙස ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් මිලියන 16 ක පමණ පිරිසක් පසුගිය වසර දෙක ඇතුලත ,ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම අතහැර දමා ඇත.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති අතර යුරෝපයේ මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය ආයතනයක් විසින් කල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මේ අතරින් බොහෝ පිරිසක් වයස අවුරුදු 12 – 34ත් වයසේ පසුවන තරුණ ප්‍රජාව වන අතරඔවුන් සිය පෞද්ගලිකත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

2017 වසරේදී ඇමරිකාවේ සමස්ථ ජනගහණයෙන් වයස 12 වැඩි පිරිස තුල 67% පිරිසක්ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කල අතර මේ වනවිට එය 61% දක්වා අඩුවී තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස ෆේස්බුක් සමාගමේ කොටස් මිල සීග්‍රයෙන් පහත වැටෙමින් ඇත.ඇමරිකානු ඩොලර් බිලියන 71 වූ මාර්ක් සකර්බර්ග් ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන62.3කින් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන නමයකින් පහත වැටී ඇති බව ලෝප්‍රකටෆෝබ්ස් සගරාව පසුගිය සතියේ වාර්තා කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්