නවතම පුවත්

යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකක් රට පාලනය කිරීම බුද්ධි ප්‍රධානියාට බලපෑ හැටි

අසංක

අසංක

තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි සමයේ දේශපාලන පක්ෂ 2ක් රට පාලනය කළ බැවින් එය අමතර පීඩනයකින් රාජකාරි කිරීමට හේතුවූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ බව කියාසිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ය.

එම පක්ෂ දෙකෙහි දර්ශන පිළිබද ගැටළු පවා තිබුණු බවද ඔහු කොමිසමට කීය.

පැවැති රජයේ ඇමතිවරුන් ගැන පවා වාර්තා තමන් විසින් අවශ්‍ය තැන්වලට ඉදිරිපත් කළ බවත් තමාගේ බුද්ධි වාර්තා දේශපාලනඥයන්ට උවමනා ලෙස වෙනස් නොකල බවත් නිලන්ත ජයවර්ධන මහතා පැවැසීය.

2017 වසරට වඩා 2018 වසරේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තත්වය වෙනස්ව පැවැති බවද ඔහු සදහන් කළේය.

එකල නීතිය හා සාමය අමාත්‍යාංශය පැවැතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවන බැවින් තමාට නීතිය හා සාමය අමාාත්‍යවරයා විසින් ඉල්ලා සිටින වාර්තා පවා ලබාදීමට සිදුවුණු බවත් ඒ සියල්ලක්ම ලබාදුන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව බවත් නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේය.

තමා අවශ්‍ය කරුණු දෙපැත්තටම දැනුම්දුන් බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්