නවතම පුවත්

පාර්ලිමේන්තු නිලධාරියෙක් අල්ලස් දැලේ

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ සැපයුම් හා සේවා අංශයේ භාරගැනීමේ නිලධාරියෙකු කඩුවෙල නගරයේ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරු විසින් පාර්ලිමේන්තුවට දෛනිකව සපයන පලතුරුවලින් කොටසක් පරිභෝජනයට නුසුදුසු බව පවසා එම පලතුරු ප්‍රතික්ෂේප නොකර සිටීමට රුපියල් 60,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.

එම මුදල ලබා ගැනීමේ දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර ඉන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්