නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළමු වරට
කෝප් කමිටුව
ඔන්ලයින් රැස්වෙයි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) අද ( 26 )
පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව අද ( 26 )  කැලණි ග‌‌‌ගේ ජල දූෂණය සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී ඔන්ලයින් තාක්ෂණය  (Zoom )  යොදාගනිමින් නිලධාරීන් සම්බන්ධ කොට ගෙන රැස්වීම පැවැත්වීමට සැලසුම් කොට ඇති බව බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ප්‍රථම වතාවට ඔන්ලයින් තාක්ෂණය හරහා මෙසේ  සම්බන්ධ කරගැනීමට නියමිතව තිබේ.
මීට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්  සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් අද කෝප් කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත.
 කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින්  කොප් කමිටු කටයුතු සිදුකරන බැවින් කොප් කමිටුවට පැමිණෙන පිරිස අවම කරගැනීමට සහ කමිටුවේ කටයුතු කාර්යක්ෂම කරගැනීමට මෙලෙස ඔන්ලයින් තාක්ෂණය යොදාගැනීම අරමුණ වී තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්