නවතම පුවත්

කොරෝනා වසංගත සටනට හම්බන්තොට වරායේ සහය

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය වගකීම ඉටු කරමින්, කොරෝනා වසංගතයට එරෙහි අඛණ්ඩ සටනේ යෙදී සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය සංවිධාන කීපයක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කළේය. ඒ අනුව පසුගිය සතියේ හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දුනි.

පාසැල් සිසුන්ගේ භාවිතය සඳහා විෂබීජ නාශක සහ පුද්ගලික ආරක්ෂක උපකරණ වන දියර ඉසින යන්ත්‍ර, බූට් පාවහන්, රබර් අත්වැසුම්,, මුහුණු ආවරණ, පැඩල් වර්ගයේ අත් සෝදන සින්ක් සහ පැඩල් වර්ගයේ කසළ බඳුන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ලැබුණි. කොවිඩ් ආසාදිතයන් සමඟ සෘජුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පුද්ගලික ආරක්ෂක කට්ටල (PPE), KN95 මුහුණු ආවරණ, ශල්‍ය මුඛ ආවරණ සහ සනීපාරක්ෂක බෝතල් පරිත්‍යාග කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ COVID19 ප්‍රතිකාර වාට්ටුවේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙන්ම පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද සපයන ලදී. අගුණකොළපැලැස්සේ නව COVID19 රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට භාර දෙන ලදී.

මෙම කර්තව්‍ය පිළිබඳව අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) පරිපාලක සහ ජ්‍යේෂ්ඨ මානව සම්පත් සාමාන්‍යාධිකාරි ජීවන් ප්‍රේමසර ප්‍රකාශ කළේ, ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් කණ්ඩායම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උනන්දුවෙන් කටයුතු කර ඇති අතර මෙවැනි දුෂ්කර කාලයන් තුළ හම්බන්තොට ප්‍රජාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පරිත්‍යාගයන් HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, ප්‍රධාන මූල්‍ය නිලධාරි රේමන්ඩ් මු, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සහ වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ යන මහත්වරුන් විසින් අදාළ රජයේ නිලධාරීන්ට භාර දෙන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්