නවතම පුවත්

මෙතෙක් හමුවූ කොවිඩ් ආසාදිතයන් 1/3ක්ම කොළඹින්

අසංක

අසංක

මෙරටින් මෙතෙක් හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයනයේ දත්ත අනාවරණය කරයි.

එසේම මෙතෙක් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් 44% කට වැඩි පිරිසක් හදුනාගෙන ඇත්තේද බස්නාහිර පළාතිනි.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 44,233 දෙනෙක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 29,540 දෙනෙක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 14428 දෙනෙක්ද වශයෙන් ඊයේ (22) වන විට කොවිඩ් 19 ආසාදිතයන් හමුවී තිබේ. මෙම දිස්ත්‍රිික්ක තුනට අමතරව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 8,165 දෙනෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් 19 ආසාදිතයින් 7,749 දෙනෙක් හමුවී ඇත.

මෙතෙක් අඩුවෙන්ම කොවිඩ් 19 ආසාදිතයන් හමුවී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. එම ගණන 487 දෙනෙකි. දෙවැනියට අඩුම කොවිඩ් ආසාදිිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චියෙනි. එම ගණන 603 දෙනෙකි.වව්නියාවෙන්ද කොවිඩ් 19 ආසාදිතයින් මේ කාලය තුළ 689 දෙනෙක් හදුනා ගෙන ඇත.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 161,241 දෙනෙක් ඊයේ (22) වන විට මෙරටින් හදුනාගෙන තිබුුණි.

ඊයේ (22) වනවිට පැවති දත්ත මත මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයන් දිස්ත්‍රික් වශයෙන්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්