නවතම පුවත්

කොරෝනාවෙන් පීඩාවට පත්, වවුනියාව සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාවට SLT-MOBITEL වෙතින් සහන .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කරතාවයට පත්වී සිටින වවුනියාව සහ මහනුවර යන දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය.

ඒ අනුව, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, ඒචන්කුලම් ග්‍රාමයේ සහ වවුනියාව ආසිකුලම් ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් පවුල් රැසක් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු බෙදා දීම සිදු වූ අතර ඊට සමගාමිව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල, දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින තවත් පවුල් රැසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු බෙදා දීමට SLT-MOBITEL කටයුතු කළේය.
මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල සහයෝගය නොමඳව හිමි වූ බව ද සමාගම පවසයි.

මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ‘දාන පාරමිතා’ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ.

වසංගත රෝග ව්‍යාප්තිය හේතුවෙන් රටට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL මේ වනවිට කටයුතු කර ඇත. සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදීම, සෞඛ්‍ය උපාංග ප්‍රදානය කිරීම, පුද්ගල ආරක්ෂක උපාංග පරිත්‍යාග කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන සඳහා සම්බන්ධතා විසඳුම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සහ, අඛණ්ඩව සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට සහය වීම ඇතුළු පියවර රාශියක් එයට ඇතුළත් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්