නවතම පුවත්

SLT-MOBITEL නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට 1,000කට වැඩි පොත් සංඛ්‍යාවක් පරිත්‍යාග කරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000 කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පුස්තකාල පොත්පත් හිඟතාවයක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, ජාතික කියවීමේ මාසය වැඩසටහනට සමගාමීව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදි.

SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, නුවරඑළිය ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, සහ නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. මෙලෙස පරිත්‍යාග කරන ලද පොත් ආයතනයේ,මධ්‍යම හා ඌව ප්‍රාදේශීය කාර්යාල වල කාර්ය මණ්ඩලය විසින් එක්රැස්a කරන ලදී. එමෙන්ම SLT-MOBITEL පාරිභෝගිකයන් සහ මහජනතාව ද මෙම වැඩසටහන සඳහා පොත් පරිත්‍යාග කර තිබේ. මීට අමතරව නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, ඊට අදාළ උපාංග නොමිලේ සවිකර දීමටත් SLT-MOBITEL පියවර ගෙන ඇත.

සෑම පොතකටම දරුවෙකුගේ ජීවිතය වෙනස් කිරීමේ හැකියාව ඇති බවත්, මෙම පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් දරුවන්ට දැනුම ගවේෂණය කරමින්, ඔවුන්ගේ බුද්ධි මට්ටම පුළුල් කරගැනීමට අවස්ථාව ලැබෙන බවත් SLT-MOBITEL හි විශ්වාසයයි. මේ ආකාරයට දරුවන් දැනුමින් සවිබල ගැන්වීම මගින් ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමටත්, ඒ ඔස්සේ තම ජීවිත වැඩිදියුණු කරගෙන දීප්තිමත් අනාගතයකට හිමිකම් කීමටත් අවස්ථාව සැලසේ.
පොත් ප්‍රදානයට අමතරව, පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා වූ විශේෂ අධ්‍යාපනික සැසියක් ද මෙම වැඩසටහනට සමගාමීව පැවැත්වුණි. අධ්‍යාපනික දිරිගැන්වීම් ක්‍රම, නායකත්වය සහ පාසලෙන් පසු ජීවිතයට සාර්ථකව මුහුණ දෙන ආකාරය ඇතුළු විවිධ මාතෘකා එහිදී සාකච්ඡාවට ලක්විය.
ඉදිරියේදී ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහන තවත් පුළුල් අයුරින් ඉදිරියට කරගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ පොත්පත් භාරගැනීමට SLT-MOBITEL අපේක්ෂා කරයි. එසේ පරිත්‍යාග කරනු ලබන පොත්පත්, කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයට මෙන්ම, රටපුරා විසිරී ඇති SLT-MOBITEL Teleshop ප්‍රදර්ශනාගාර වෙත ද භාරදිය හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්