නවතම පුවත්

ලොවක් දිනූ, අපේ “TIIKM”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

TIIKM ආයතනය කියන්නෙ ආසියාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ ප්‍රමුඛයෙක්. නමුත් මෙම ආයතනය ගැන ලංකාවේ ගොඩක් දෙනක් අහල නෑ. ටිකක් වෙනස්ම ආකාරයේ වයාපාරයක් කිවුවොත් නිවරැදියි.  ඒවගේම වඩාත් වැදගත්ම දේ තමයි ,TIIKM කියන්නේ, ලංකාවේම තරුණයන් කිහිප දෙනක්ට අයිති ආයතනයක් වීම .

මෙම ආයතනයට 2018 වසරේදී ලංකාවේ නිර්මාණශීලිම සහ සාර්ථකම ආයතනයක් විදියට සම්මානයක් ලැබෙනවා. ඒ වගේම , එංගලන්තයේ CPD ආයතනය 2020 දී TIIKM ආයතනය ගුණාත්මක සමුළු සංවිධානය කරන ආයතනයක් ලෙස සහතිකකරණය සිදු කරනවා.
මේ වනවිට වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක විදේශ විනිමයක්  අපේ රටට ලබාදෙන මෙම සුවිශේෂී  ආයතනය  මෙතෙක් ආ  ගමන් මග ගැන  අපි  TIIKM ආයතනයේ සම නිර්මාතෘ , ප්‍රධාන විධායක නිළධාරි සහ සභාපති ඕෂධී විතානවසම්  මහතාගෙන් විමසා බැලුවා ..
.

 TIIKM ආයතනය කරන ව්යාපාරයේ ස්වභාවය කුමක්ද ?

අපේ ආයතනය ආසියාවේ ප්රමුඛතම ජාත්යන්තර සමුළු සංවිධානය කරන ආයතනයක්. ඒ වගේම පර්යේෂණ පත්රිකා ප්රකාශන (publishing) සේවා සැපයීමත් සිදුකරනවා. ඒ වගේම TIIKM Events නමින් වෙනත් දේශීය සහ විදේශීය විශ්වවිද්යාල වලට, ආයතන වලට සමුළු, වැඩසටහන් සංවිධානය කිරීමට උපදේශන සේවා සපයන ආයතනයක් තිබෙනවා.
TIIKM ආයතනයේ ප්රධාන ශාඛාව ලංකාවේ, කොළඹ තමා පිහිටලා තියෙන්නේ. අපේ ආයතනය 100% ක් ශ්රී ලාංකික ආයතනයක්. අපි අද වෙනකොට ලංකාව ඇතුළුව රටවල් 8 ක අපේ සමුළු සංවිධානය කරමින් ව්යාපාර කටයුතු කරගෙන යනවා.
TIIKM ආයතනයේ පූර්ණකාලීන වශයෙන් සේවකයන් 40 ක් පමණ සේවය කරනවා. නමුත් කොන්ත්රාත් පදනම මත සහ වක්ර වශයෙන් තවත් 50කට ආසන්න ප්රමාණයක් සේවය කරනවා.

අපගේ ආයතනය ජාත්යන්තර සමුළු සංවිධානය කිරීමෙන් ආසන්න වශයෙන් වසරකදි රටට ඩොලර් මිලියනයක පමණ විදේශ විනිමයක් ගෙන එනවා .

 TIIKM ආයතනය ආරම්භ වෙන්නේ කුමන අවුරුද්දේද?

TIIKM ආයතනය ජාත්යන්තර දැනුම කළමනාකරණය කිරීමේ ආයතනය විදිහට ලංකාවේ සමාගම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්නේ 2013 අවුරුද්දේ දී. නමුත්, ආයතනයේ ඉතිහාසය දිව යනවා 2009 අවුරුද්දට.
. මෙම ආයතනය ආරම්භ කිරීමට කලින් වෙනත් ව්‍යාපාරවල නියලුනාද ?
මමත් මගේ මිත්රයන් දෙදෙනකුත් මුලින්ම ව්යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරන්නේ 2009 අවුරුද්දේ. අපි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපාධිය සම්පූර්ණ කරනවා 2009 අවුරුද්දේදී. ඒ වන විට, මට Colombo Agencies Limited ආයතනයේ මගේ සීමාවාසික පුහුණුව (Internship) ලබා ගනිමින් සිටියේ. TIIKM ආයතනයේ සම නිර්මාතෘ වගේම අද TIIKM ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂක ඉසංක සීමාවාසික පුහුණුව (Internship) සිදු කළේ Dilmah ආයතනයේ.
මේ අතරතුර තමා අපිට ව්යාපාරයක් ආරම්භ කළ යුතුයි කියන අදහස එන්නේ. විශ්වවිද්යාලයෙන් එළියට ආපු අපිට ,ව්යාපාරයක් ආරම්භ කිරීමට තරම් ලොකු මුදලක් තිබුනේ නෑ. අපි හැමෝගෙම දෙමවුපියන්ටත් එහෙම ලොකු මුදලක් තිබුනෙ නෑ. ඒ වගේම ව්යාපාර ගැන පවුලේ කිසිම කෙනෙක්ට දැනුමක් තිබුනෙත් නෑ.
නමුත් විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබන කාලයේ, අපට විශාල මිතුරන් ප්රමාණයක් වගේම ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් හමු වුණා. අපි හිතුවා ඔවුන්ගේ උදව් සහිතව ඔවුන්ගේ දැනුම යොදාගෙන වෙනත් සමාගම්වලට සහ සුළු හා මධ්ය පරිමාණ ආයතන වලට උපදේශන සේවා සපයන ආයතනයක්(Business Consultancy Firm)ආරම්භ කරන්න.
පළමු අදියර විදියට, එකල අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ (Department of Marketing Management) අංශ ප්රධාන, මහාචාර්ය නෙවිල් වර්ණකුලසූරිය සර්ට මේ ගැන කිව්වම, ඔහු අලෙවිකරණ අංශයේම තිබුණ පාවිච්චි නොකරන කාමරයක් අපිට office එක පවත්වාගෙන යාමට ලබා දෙනවා. ඒ තමා අපේ ආරම්භය.

අදටත් ඔබ ආයතනය එම උපදේශන සේවා සපයන ආයතනය ම පවත්වාගෙන යනවද?

නෑ. අපි එම උපදේශන සේවා සපයන ආයතනය ආරම්භ කළාට, අපිට ආයතනයක් විදියට පවත්වාගෙන යාමට තරම් ආදායමක් ලැබුනේ නෑ. සමහර මාස වලට අපිට රුපියලකවත් අදායමක් ලැබුනේ නැති අවස්ථා තිබුණා.
ඒක නිසා, අපි මෙම උපදේශන සේවා සපයන ව්යාපාරය කරගෙන යනවා වෙනුවට, ලැබෙන ඕනෑම ව්යාපාර අවස්ථාවකට එකඟ වන තත්ත්වයට පත් වුණා. සමහර අවස්ථාවන්හිදී එදිනෙදා වියදම පියවා ගැනීමට මුර සේවාවන්වල නියුතු වීම, ගොඩනැගිලි ඉදි කරන වැඩ බිම් වලට කම්කරුවන් ලෙස සේවය සැපයීම පවා සිදු කළා. ඊට අමතරව, අපි වෙනත් ආයතන වලට වෙබ් පිටු නිර්මාණය කරදීම, විවිධ Research Project වලට දත්ත එකතු කර දීම හා සංවිධානය කිරීම, කුඩා පරිමාණ පුහුණු වැඩමුළු (Training) පැවැත්වීම වගේ ව්යාපාර රාශියක් සිදු කළා. නමුත් මෙම කිසිම ව්යාපාරයක් සාර්ථක උනේ නෑ.
අපි එක අවස්ථාවකදී, “සිහල හෝල්ඩිංග්ස්” නමින් වෙනත් රටවලට මල් පැල සහ මල් අපනයනය කරන ව්යාපාරයක් ආරම්භ කළා. අපි සාර්ථකව ඇනවුම් කිහිපයක් මාලදිවයිනට යැව්වා. නමුත් පසුව එම ව්යාපාරයත් කඩා වැටුණා. TIIKM ආයතනය දැන් සිදුකරන සමුළු සංවිධානය ව්යාපාරක් ලෙස ආරම්භ කරන්නේ 2013 දී.

. 2010 – 2013 කාලයේ ව්‍යාපාර  මේ ආකාරයට දිගින් දිගටම අසාර්ථක වීම හා බිඳවැටීම කොහොමද දරාගත්තේ?

2010 වර්ෂයේදී මම උසස් අධ්යාපන කටයුතු සඳහා එංගලන්තයට යනවා. මම එංගලන්තයට යාමට පෙර මගේ මිත්රයන් දෙදෙනා මගෙන් අහනවා කොහොමද අපි මේක ඉදිරියට කරගෙන යන්නේ කියලා. මට එංගලන්තයට යාමේ මූලික අරමුණ වන්නේත් පශ්චාත් උපාධිය හැදෑරීමට අමතරව සාර්ථක වීමට කුමන හෝ ව්යාපාර අදහසක් ගොඩනැගීම සහ ව්යාපාරයට යොදවන්න මුදල් ටිකක් සොයා ගැනීම. අපිට ඒ අවස්ථාවේ සංචාරක කර්මාන්තයට අදාළ ව්යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් තිබුණා. අපි හිතුවා මගේ එංගලන්ත ගමන තුළින් අපිට අවස්ථාවන් ගොඩනඟා ගැනීමට හැකි වෙයි කියලා. ඒ අරමුණත් ඇතිව තමයි මම එංගලන්තයේ පශ්චාත් උපාධියක් සඳහා පිටත් වෙන්නේ.
නමුත් මගේ ව්යාපාරික සගයින් ලංකාවේ සිට ව්යාපාරය නොනැසී පවත්වාගෙන යාමට පොරොන්දු වෙනවා. මෙම කාලය ඉතා කටුක කාලයක්. ලංකාවේ ව්යාපාරය කරගෙන යාමට විවිධ අංශවලට ව්යාපාරය යොමු කරමින් උත්සාහ කළත් ඒ සියල්ල අසාර්ථක වෙනවා. සමහර මාසයන්හි දී මගේ මිත්රයාගේ බිරිඳගෙ වැටුප යොදාගෙන තමයි ආයතනයේ සේවය කළ සේවක සේවකයන්ගේ වැටුප් සහ කාර්යාලයේ බදු කුලිය ගෙවන්නේ. මමත් එංගලන්තයේ Tesco ආයතනයේ සේවය කරමින් ලබා ගත් ආදායමෙන් කොටසක් ලංකාවට එවනවා ව්යාපාරය පවත්වාගෙන යාමට අවශ්ය වියදම් පියවා ගන්න. මෙම සියලුම අසාර්ථකවීම්, බිඳවැටීම් දරාගැනීමට අපිට තිබුන එකම ශක්තිය තමා බලාපොරොත්තුව. අපිට බලාපොරොත්තුවක් තිබුණා කුමන හෝ වෙලාවක අපේ ව්යාපාරය සාර්ථක වේවි කියලා. ඒ වගේම අපිට හොඳ ඉවසීමේ ගුණයක් තිබුණා.
ඒ වගේම, අපි විශ්ව විද්යාලයේ අධ්යාපනය ලබද්දී හදා ගත් මිතුරන්, ආචාර්යවරුන් ගොඩක් දෙනා අපට මූල්යමය ආකාරයෙන් සහ මානසිකත්වය ඉහළ නංවා ගන්න උදව් කලා. විශේෂයෙන් මතක් කරන්න ඕන ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ දුෂාන් සර්, නෙවිල් සර්, හේමන්ත සර්.
මේ කාලය තුල ඉසංක, මගේ ව්යාපාර සගයා සිදුකල කැපවීම අතිමහත්. අපිත් එක්ක සමකාලිනව විශ්වවිද්යාලයෙන් එලියට ආපු අනිත් මිතුරන් හොඳ රැකියාවන් වලට ගිහින් හොඳ වැටුපක් අරගෙන හොඳ ජීවිතයක් ගත කලා. නමුත්, සමහර දවස් වලට දවල්ට බත් පැකට් එකක් ගන්න ඉසංකට සල්ලි තිබුනේ නෑ. සමහර වෙලාවල් තිබුනා ඉසංකට මෝටර් සයිකලයට තෙල් ගහගන්න සල්ලි නැතුව බයිසිකලය මග දාලා bus එකේ බෝඩිමට ගියපු දවස්.
එක වෙලාවකදී අපි සම්බන්ධ වී සිටි, ආරම්භ කිරිමට අපි දායකත්වය දක්වපු, මුදල් යොදවපු ව්යාපාරයකින් අපිටත් නොදන්වා අපිව ඉවත් කරනවා. ඒකෙන් ඉසංක වගේම මමත් , ව්යාපාරයට මුදල් යොදවපු මගේ එංගලන්තයේ මිතුරත් මානසිකව වැටෙනවා. නමුත්, අපි වැටුනේ නෑ. ඉසංක තමා මේ හැමදේම දරාගෙන ලංකාවේ ඉඳල වයාපාරය පවත්වාගෙන ගියේ. එහෙම නොවෙන්න, අද TIIKM ආයතනය නෑ. මම ලංකාවට නැවත් එන්නෙත් නෑ.

 මේ ආකාරයෙන් දිගින් දිගටම අසාර්ථක වුන ව්යාපාරයක් අද තිබෙන “සාර්ථක ව්යාපාරයක්”( Successful Business ) කියන තැනට වෙනස් වෙන්නෙ කොතනින්ද?

එක තැනකදි, 2012 අවුරුද්දේ දී එංගලන්තයේ මට මිතුරෙක් හමුවෙනවා. ඔහු නමින් රුෂාන්. ඔහු අද අපේ ආයතනයේ අධ්යක්ෂක වරයෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම TIIKM ආයතනයේ සහෝදර සමාගමක් වන බ්ලූ ආර්ක් හෝල්ඩිංග්ස් (Bluearc Holdings) ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂකවරයා විදියට කටයුතු කරනවා. ඔහු අපේ ව්යාපාරයට ප්රාග්ධනය යොදන්න එකඟ වෙනවා. එය ඉතා විශාල මුදලක් නොවුනත්, එම අවස්ථාවේදී ව්යාපාරය සංවිධානය කර ගැනීමට මෙම ප්රාග්ධනය ඉවහල් වෙනවා. ඒ අවස්ථාවේදී, අපි එම මුදලින් කුඩා කාර්යාලයකට අපගේ ව්යාපාරය ගෙන යනවා. නාරාහේන්පිට අඹයාරාම විහාරස්ථානය ඉදිරිපිට උඩ තට්ටුවක පොඩි කඩ කාමරයක්. පහසුකම් ඉතා අවම උනත් ආරම්භයකට ඒක අපිට ලොකු ශක්තියක් වුනා. ඒ වගේම, ව්යාපාරය කරගෙන යාමට අවශ්ය උපකරණ, තාක්ෂණික මෙවලම් ආදිය මිලදී ගැනීම සිදු කරනවා.
එතැනින් ආරම්භ වූ සාර්ථකත්වය හොයාගෙන යන ගමන නැවතුණේ නෑ. එකල, අපගේ ව්යාපාරය පවත්වාගෙන ගියේ Leap Business Management(LBM) නමින්. මෙම කාලයේදීම අපිට අවස්ථාවක් ලැබෙනවා, IHDT ආයතනය සහ ප්රංශ විශ්වවිද්යාලයක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත්රණයක සංවිධාන කටයුතු සහ පහසුකම් සපයන ආයතනය බවට පත්වන්න. මෙම අවස්ථාව තමා අපේ ආයතනයේ සහ අපේ ජීවිතවල වෙනසට හේතුව වෙන්නේ.
අපිට ඇත්තටම සමුළු සඳහා ඇති ජාත්යන්තර වෙළෙඳපොළ, ඉල්ලුම ගැන අවබෝධයක් ලැබෙන්නේ මෙම සම්මන්ත්රණයත් සමඟ. ඉසංකට අවස්ථාව ලැබෙනවා මෙවැනි සමුළු කීපයක් සමගම සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඒ තුළින් ලද දැනුම, අත්දැකීම් වලින් තමයි අපිට නව ව්යාපාර අවස්ථාවක් විදිහට TIIKM හඳුන්වාදීමට හැකි වෙන්නේ.
.

TIIKM ආයතනය සාර්ථකත්වයට ගෙන ආ ගමනේ අමතක නොවන සන්ධිස්ථාන මොනවාද?

2013 වර්ෂයේදී මම එංගලන්තයේ අධ්යාපන කටයුතු නිම කරලා ලංකාවට එනවා. මෙම අවුරුද්දෙම පෙබරවාරි මාසයේ තමයි අපගේ පළවෙනි සම්මන්ත්රණය පවත්වන්නේ. මතක ආකාරයෙන් පෙබරවාරි 18-19 වෙනිදා. අපිට පුළුවන් වෙනවා මෙම සම්මන්ත්රණයට 30කට ආසන්න දේශීය සහ විදේශීය පිරිසක් ගෙන්වා ගන්න. මෙතනදී තමා මෙම ව්යාපාරය සාර්ථක කළ හැකියි කියලා අපිට විශ්වාසයක් ගොඩනැඟෙන්නේ. අපි එම වසරේදීම ඔක්තෝම්බර් මාසයේදී දෙවෙනි සම්මන්ත්රණය සංවිධානය කරනවා. එයත් සාර්ථකත්වයට පත්වෙනවා. මේ තමයි TIIKM ආයතනයේ පළවෙනි පියවර.
2015 වසරේ දී අපිට පුළුවන් වෙනවා චීනයේ බීජිං නුවරට ගිහින් සම්මන්ත්රණයක් සංවිධානය කරන්න. මෙම සම්මන්ත්රණය සඳහා 100කට ආසන්න ප්රමාණයක් සහභාගී වෙනවා. මේ තමයි ලංකාවෙන් පිටත අපි පැවැත්වූ පළවෙනි සම්මන්ත්රණය. අපිට ඇත්තටම අවශ්ය වෙනවා අපේ ආයතනයේ නමේ තියන ජාත්යන්තර (international) කියන කොටසට සාධාරණයක් කරන්න. ඒක නිසා ලංකාවට පමණක් සීමා නොවී වෙනත් රටවල සමුළු සංවිධානය කිරීම, සෑම සම්මන්ත්රණයකට ම විදේශිකයින් වැඩි ප්රමාණයක් සම්බන්ධ කර ගැනීම කියන සංකල්පය අපිට එන්නෙ ඒ හරහා. අපි ඇත්තටම එක රටක් මත නොයැපී රටවල් කිහිපයකට ව්යාපාරය පුළුල් කිරීම කොතරම් හොඳ තීරණයක් ද කියන එක තේරුනේ පාස්කු ප්රහාරයේ දී අපිට ලංකාවේ සමුළු සංවිධානය කිරීමට නොහැකි වාතාවරණයක් ඇති වූ මොහොතේ. ඒ මොහොතේ අපිට පුළුවන් උනා විශාල බලපෑමක් නොමැතිව ලංකාවේ පැවැත්වීමට තිබූ සියලුම සමුළු තායිලන්තයේ සහ මැලේසියාවේ පවත්වන්න.
ඊළඟට, 2018 වසරේදී අප ආයතනයට පළවෙනි සම්මානය ලැබෙනවා. 2018 වසරේ හොඳම ව්යාපාරය විදිහට අබ්දුල් කලාම් අනුස්මරණ සම්මාන උත්සවයේදී අපි ඒ සම්මානය ලබා ගන්නවා. ආයතනයක් ලෙස අවුරුදු කීපයක් තුල ලබාගත් සාර්ථකත්වයත්, දැනුම කළමනාකරණ ක්ෂේත්රය හරහා සමාජයට කරන සේවාවත් උදෙසා මෙම සම්මානය අප ආයතනයට හිමි වෙනවා. ඒක විශාල ජයග්රහණයක්.
ඊට පසුව අමතක නොවන සිදුවීම තමා Covid-19 වසංගතය එක්ක රට lockdown කරන්න රජය තීරණය කල අවස්ථාව. Covid-19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයට සහ සමුළු සංවිධානය කිරීමේ ක්ෂේත්රයටත් විශාල බලපෑමක් සිද්ධ වුණා. නමුත්, අප ආයතනයට පුළුවන් වුණා කිසිම සේවකයෙකුට රැකියාව අහිමි නොකොට, ඔවුන්ගේ වැටුප් නිසි පරිදි ගෙවමින්, ලාභදායී වර්ෂයක් විදිහට වර්ෂය නිමාකරන්න. ඒක විශාල ජයග්රහණයක්. මෙහි දී ආයතනයේ සියලුම දෙනා විශාල කැප කිරීමක් කළා. ඔවුන් ආයතනය විශ්වාස කළා වගේම ආයතනය සේවකයන් විශ්වාස කළා. ඒකේ ප්රතිඵලය විදියට අපි අන්තර්ජාලය ඔස්සේ සමුළු සංවිධානය කරන (Virtual Conference & Event Organzing) නව ව්යාපාරයක් ආරම්භ කළා. ඒ වගේම වෙනත් ආයතන වලට සම්මන්ත්රණ, වැඩසටහන් සංවිධානය කර දීමට TIIKM Events නමින් අලුත් අංශයක් පිහිටෙව්වා.

. TIIKM ආයතනයේ සාර්ථකත්වයට සහ ජයග්රහණ වලට බලපෑ හේතු මොනවද?

ආයතනයේ දියුණුවට බලපෑ ප්රධාන හේතුව තමයි ආයතනයේ සේවකයන්. සාමාන්යාධිකාරීවරයාගේ සිට පිරිසිදු කරන සේවකයාට යන තෙක් ඔවුන් අපිරිමිතව මෙම ආයතනයට ආදරය කරනවා. ඒ වගේම ආයතනයත් ඒ ආකාරයෙන්ම සේවකයන්ව බලාගන්නවා. හොඳම උදාහරණය තමයි Covid වලින් ගොඩක් ආයතන කඩා වැටූන මොහොතේදීත් අප ආයතනය කිසිම අඩුපාඩුවක් නැතුව සේවකයන් බලාගත්තා සහ බලාගන්නවා.
දෙවැනි හේතුව තමයි, TIIKM ආයතන සිදු කරන ව්යාපාරය ඉතා සුවිශේෂී (Unique) සහ අනුකරණය කිරීමට අපහසු (Difficualt to immitate) ව්යාපාරයක් වීම. ඒ නිසා අප ආයතනය මුහුණ දෙන සෘජු තරගකාරී බලපෑම ඉතා අඩුයි. ලංකාවේ ජාත්යන්තර සම්මන්ත්රණ නිර්මාණය කොට සංවිධානය කරන ආයතන අතලොස්සක් තමයි තිබෙන්නේ. මෙය අපගේ සාර්ථකත්වයට බලපෑ තවත් කරුණක්.
ඒ වගේම අප ආයතනය හැම විටම ගොඩක් නව්යකරණයන් සිදු කරනවා. අලුත් දේවල් අත්හදා බලනවා. ලෝකයේ දියුණු රටවල අනුගමනය කරන නවීන ක්රමවේද වගේම සංකල්ප අපගේ සමුළු සංවිධානයට අදාළ ව යොදා ගන්නවා. ඒක නිසා ලංකාවට, සමුළු වලට අදාල ගොඩක් අංශ අලුතින් හඳුන්වා දෙන්නේ අපි. ඊට පසු අනෙක් ආයතන අපිව අනුගමනය කිරීම අපිට සතුටක් එකතු කළා. ඒ වගේම අපේ ආයතනය හැම වෙනසකටම , පරිසරයේ සිදුවන වෙනස්වීමකට පවා ඉතා ඉක්මනින් හැඩගැසුනා. ඒක ලොකු උදව්වක් උනා ගොඩාක් අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න.
ඒ වගේම, අපි විවිධාංගීකරණය (differentiation) පිළිබඳ විශ්වාස කරන ආයතනයක්. ඒ නිසා හැම විටම ව්යාපාරය අලුත් රටවල් වලට ගෙනයන්න (market differentiation), අලුත් ව්යාපාර අවස්ථා අත්හදා බලන්න (product differentiation) උත්සහ කරනවා. මෙම ප්රතිපත්ති සහ තීරණ ගොඩක් වේලාවන්හිදී අපේ ව්යාපාරය ආරක්ෂා කළා වගේම අපිට සීඝ්රයෙන් ඉදිරියට යන්න උපකාරී වුණා.
අවසාන වශයෙන් සහ ප්රධාන වශයෙන් මමත්, මගේ ව්යාපාර හවුල්කරු (business partner) වගේම මගේ මිත්රයා වූ ඉසංක අතර තිබුණු ගැඹුරු සහ පැහැදිලි අවබෝධය. අපි කිසිවිටෙක එකිනෙකාගේ එකඟතාවය නොමැතිව වැදගත් තීරණවලට එළඹෙන්නේ නෑ. ඒ වගේම, ඕනෑම තීරණයක සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ සාමූහික වගකීම (Collective responisbility ) ගත්තා. සෑමවිටම ඉදිරිය ගැන සාකච්ඡා කලා. මෙම ශක්තිමත් සම්බන්ධය අපිව ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියා කියලා මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන්, TIIKM ආයතනයේ ඊළඟ වසර 5ක ඉලක්ක මොනවාද?

ප්රථමයෙන්ම, අපි බලාපොරොත්තු වෙනවා 1000ක් දෙනා සහභාගී වන ජාත්යන්තර සම්මන්ත්රණයක් ඊළඟ වසර පහ තුළ සංවිධානය කරන්න. අපගේ ආයතනයේ සියලු දෙනාම ඒ සඳහා දීවා රෑ නොබලා වැඩ කරනවා.
දෙවනුව, අප බලාපොරොත්තු වෙනවා ආසියාවේ ප්රමුඛතම publication සේවාව සපයන ආයතනය බවට පත්වන්න. අප ආයතනයට අයිති journals කිහිපයක් තියනවා. එම Journals ආසියාවේ ඉහළම ගුණාත්මක තලයේ journals බවට පත්කරීම කලයුතු වෙනවා. ඒ වගේම වෙනත් විශ්වවිද්යාල වලට, ශිෂ්යයන්ට පර්යේෂණ දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට අවශ්ය publication සේවාවනුත් ඉදිරියේදී දකින්න ලැබේවි.
ඒ වගේම, අපගේ ආයතනයේ ශාඛා (Branches / country offices) කීපයක් අපගේ ප්රධාන වෙළෙඳපොළවල් වන ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව වගේම යුරෝපය පදනම් කරගෙන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මගේ අවසාන සිහිනය තමා, ලංකාවේ තියන ලස්සනම office එකක් නිර්මාණය කිරීම. සියලුම දෙනාට කාර්යාලයේ ගතකරන කාලය ගුණාත්මක සහ සතුටුදායි කාලයක් කිරීම තමා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපගේ ක්ෂේත්රයට අදාළව සේවකයන්ට වැඩිම පහසුකම් සපයන, වැඩිම වැටුප් සහ වෙනත් වරප්රසාද ගෙවන, වැඩිපුරම සේවකයන් සතුටින් සිටින ආයතනයක් ගොඩනැගීම තවත් විශාල බලාපොරොත්තුවක්.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්