නවතම පුවත්

රසායනිකවලින් මිදෙන්න එළවළු වෙනුවට කෘමීන් වගාකරන ප්‍රංශයේ දැවැන්ත කෘමි හරිතාගාරය

අසංක

අසංක

ප්‍රංශයේ බ්‍රිටනි කලාපයේ පිහිටා ඇති පර්යේෂණ හා සංවර්ධන කටයුතු අත්හදාබැලීම් සිදුකරන සැවියෝල් හරිතාගාරයේ තරමක ආසාමාන්‍ය වගාවක් සිදුවන බවට විදෙස් වාර්තා පවසයි.

මෙම හරිතාගාරය තුළ බෝග වෙනුවට වගා කිිරීමට පටන්ගෙන ඇත්තේ කෘමීන් ය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ පළිබෝධ නාශක රහිත තක්කාලි නිෂ්පාදනය කිරීමට ගොවීන්ට හැකි ශාක-හිතකාමී අපෘෂ්ඨ වංශීන් බෝ කිරීමයි.

මිනිස් සිරුරට හිතකර වගාවන් පිළිබද නිරන්තරයෙන් පර්යේෂණවල නියැලෙන සැවියෝල්හි මෙම කෘමි වගාව සිදුකෙරෙන්නේ ප්‍රංශයේ විශාලතම තක්කාලි නිෂ්පාදකයා වන සැවියෝල් කෝපරේටිව් ආශ්‍රිතව ය.

මෙම ගොවිපල නිෂ්පාදකයින් 126 දෙනෙකු සමඟ කටයුතු කරන අතර පළිබෝධනාශක රහිත භෝග වගාව සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මෑත වසරවලදී මෙම ඉල්ලුම වර්ධනය වී ඇත්තේ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යයට මෙන්ම පෘථිවියේ පැවැත්මට පවා මෙම හානිකර රසායනික ද්‍රව්‍යවල බලපෑම පිළිබඳව පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් දැනුවත් වීම නිසා ය.

මෙම ගොවිපල වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුවද, අද වන විට සහායක කෘමීන් නිෂ්පාදනය වගාවන් සඳහා ඒකාබද්ධ කළ එකම යුරෝපීය නිෂ්පාදකයා වන්නේ ද සැවියෝල් ය.

මෙම ශාක හිතකාමී කෘමීන්ට වයිට්ෆ්ලයිස් වැනි බෝග හානිකර කෘමීන් පාලනය කළ හැකි ය. එමගින් කාබනික ක්‍රියාවලියක දී එය අතිශයින් ඵලදායී වන අතරම පරාගණ කටයුත්ත මී මැස්සන් විසින් සිදුකරයි. සැවියෝල් හරිතාගාරය තමන්ගේ වගා මෙහෙයුම් සඳහා කෘමීන් නිෂ්පාදනය කොට යොදා ගැනීමට අමතරව, මෙම ගොවිපල මගින් සෑම වසරකම ගොවීන් 120 කට වැඩි පිරිසකට කෘමීන් මිලියන 100 ක් අලෙවි කිරීම ද සිදුකරයි.

සමස්තයක් ලෙස ප්‍රංශ ගොවීන් අතර බෝගවලට හිතකර කෘමීන් භාවිතය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එරට නියාමකයින් විසින් මෙම වසර මුලදී ශාක පළිබෝධ ප්‍රතිකාර ලෙස කෘමි විශේෂ 330 ක් අනුමත කර ඇත. එය 2015 දී 257 දක්වා ඉහළ ගොස් ඇත. ඉල්ලුම වැඩිවීමත් සමඟ සැවියෝල් හි 2021 දී ඔවුන්ගේ කෘමි ගොවිපළට තවත් වර්ග මීටර් 1,200 ක අතිරේක භූමි ප්‍රමාණයක් එක් කිරීමට සැලසුම් කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්