නවතම පුවත්

හයිටි ජනපති ඝාතකයින් අත්අඩංගුවට ගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හයිටි ජනාධිපති ජෝවෙනෙල් මොයිස් ඝාතනය කිරීම සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත විදෙස් හමුදා කණ්ඩායමක් එක්ව ඇතිබව අනාවරණය වී ඇත .

ඊට විශ්‍රාමික කොලොම්බියා හමුදා භටයින් සහ හයිටි සම්භවයක් සහිත ඇමෙරිකානුවන් දෙදෙනෙක් අයත් බව හයිටි බලධාරීන් පවසයි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් අනතුරුව පළායාමට තැත්කළ ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට හයිටි පොලීසිය සමත්විණි.

එසේ අත්අඩංගුවට ගත් පිරිස සහ සොයාගත් අවි ආයුධ රැසක් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශනය කිරීමට හයිටි පොලීසිය පියවර ගත්තේය.

17 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර තවත් 8 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. තිදෙනෙක් පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී මරණයට පත්වී තිබේ.

53 හැවිරිදි වියේ පසුවූ හයිටි ජනාධිපතිවරයාව එම කුලී ඝාතකයින් විසින් පසුගිය බදාදා අලුයම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී ඝාතනය ට ලක්විණි.

ඔහුගේ බිරිඳ එහිදී බරපතළ තුවාල ලැබූ අතර ඇය මේ වනවිට ෆ්ලොරිඩා හි රෝහලක ප්‍රතිකාර ලබයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්