නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යහපත සැලසීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් DFCC බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්තමාන ආර්ථික අභියෝග වලට මුහුණ දීමට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) වෙතින් ද්විපාර්ශ්වික ණයක් ලෙස DFCC බැංකුව වෙත පිරිනමන ලද මෙම මුදල මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර වල උන්නතිය උදෙසා යොදවනු ඇත.

මෙම ණය පහසුකම, DFC ආයතනය වෙතින් මෙතෙක් ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ණය පහසුකම ලෙස සැලකේ. ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ අසමානතාව (Gender Inequality) සහ ආර්ථික අසමානතාව වැනි ගැටලු නිසා පීඩාවට පත්ව සිටින (COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මෙම ගැටලු දැන් තවත් උග්‍ර අතට හැරී ඇත) ප්‍රජාවන්ට යහපත සැලසීම සඳහා DFC ආයතනය දරන උත්සාහයේ එක් අදියරක් ලෙස මෙම ණය පහසුකම ශ්‍රී ලංකාව වෙත පිරිනමා තිබේ.

මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ප්‍රමුඛත්වය හිමිවිය යුතු ක්ෂේත්‍ර වලට පරිපූර්ණ හා සුවිශේෂී ණය පහසුකම් පිරිනැමීමට DFCC බැංකුවට හැකියාව ලැබී ඇත. එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (විශේෂයෙන්ම එහි 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානත්වය) ළඟා කරගැනීම සඳහා බැංකුව දක්වන දායකත්වයේ එක් වැදගත් අංශයක්ද වේ. මෙම ඉලක්කය ළඟා කරගැනීමේ පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අරමුණු කරගෙන, මෙම ණය පහසුකම් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත පිරිනැමීමට DFCC බැංකුව පියවර ගනු ඇත. මූල්‍ය පහසුකම් නොමැති වීම නිසා තම ව්‍යාපාර දියුණු කරගැනීමට නොහැකි වීම ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන අතර, මෙම වැඩසටහන එම ගැටලුවට කිසියම් ආකාරයක විසඳුමක් වනු නිසැකය ය.

ඇමරිකා එක්සත් ජනපදය මගින් සිදුකරන ලද මෙම අරමුදල් සම්පාදනය, DFCC බැංකුවේ ‘Resilient Business’ ක්‍රමෝපායික අංශයට අයත් බහුවිධ හා දීර්ඝකාලීන දැක්ම තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වනු ඇත. ඉදිරියටත්, තම ‘Triple-bottom line value creation’ ආකෘතිය හා සමගාමී වන සහ සියලුම දෙනා වෙත ප්‍රතිලාභ සලසන මෙවැනි වැඩසටහන් ඔස්සේ රටේ සංවර්ධනයට දායක වීමට DFCC බැංකුව අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්