නවතම පුවත්

‘සුරිඳුනි කතරගම 2021’ උළෙලට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අනුග්‍රහය

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) අඛණ්ඩව 3 වන වරටත් රුහුණු කතරගම දේවාලයේ ‘සුරිඳුනි කතරගම 2020’ උළෙලට අනුග්‍රාහකයකු ලෙස එක් විය. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ ඉතාමත් සරල හා චාම් ස්වභාවයකින් උත්සවය පැවැත්වීමට නියමිතය.

“දකුණු පළාතේ විශාලතම වාර්ෂික බහු සංස්කෘතික උත්සවය වන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල ඇසළ මහා මංගල්‍යය ආගමික උත්සවයක් පමණක් නොව දිවයිනේ ආගමික සමගිය විදහා දක්වන ආකර්ෂණීය සංස්කෘතික උළෙලකි. විවිධ ආගමික හා ජනවාර්ගික කොටස් වැඳුම් පිදුම් කිරීම සඳහා වාර්ෂිකව ජූලි කාලය තුළ මෙම පූජනීය ස්ථානයට රැස් වෙනවා. හම්බන්තොට වරාය සෑම විටම සංස්කෘතික විවිධත්වය අගය කරන අතර මෙම අනුග්‍රාහකත්වය ප්‍රදේශයේ සංස්කෘතික හා ආගමික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරිමෙලා අපගේ සමාජ වගකීම් මූලධර්යන්ට අනුකූල වේ” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ජ්‍යෙෂ්ඨ මානව සම්පත් සාමාන්‍යාධිකාරි ජීවන් ප්‍රේමසර මහතා පවසයි.

HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා විසින් අදාළ මූල්‍ය පරිත්‍යාගය ජූලි 9 වන දින කතරගම දේවාල පරිශ්‍රයේදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, දිෂාන් ගුණසේකර මහතා වෙත භාර දෙන ලදි. ඒ සඳහා ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ HIPGහි ප්‍රධාන මූල්‍ය නිලධාරි රේමන්ඩ් මු මහතා, HIPGහි පරිපාලන සහ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් සාමාන්‍යාධිකාරි ජීවන් ප්‍රේමසර මහතා ඇතුළු වරාය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී වූහ.

මෙම සංචාරයේදී ලියු මහතා සහ කළමනාකරණ කණ්ඩායම “කිරි වෙහෙර” දාගැබ වැද පුඳා ගත් අතර වරායෙහි අනාගත සංවර්ධනයට සහ වසර පුරා දියත් කිරීමට නියමිත මෙහෙයුම්හි සාර්ථකත්වය වෙනුවෙන්ද ආශිර්වාද ලබා ගැනීමට බස්නායක නිළමේ විසින් සංවිධානය කරන ලද ආගමික වතාවත්ට සහභාගී වූහ. මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා බස්නායක නිළමේ ලියු මහතාට විශේෂ සිහිවටනයක් තෑගි කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්