නවතම පුවත්

රටවල් 20ක්ම, ශ්‍රී ලංකාවේ සංචාරය තහනම් කරලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බව වාර්තාවේ .,

කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය රටවල් මෙලෙස සිය වැසියන්ට ලංකාවට පැමිණිමට තහනම් කර ඇති බවද සංචාරක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී .

කෙසේ වෙතත් මේ පිළිබඳව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ ,අදාළ  රටවල්  පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවය  .

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.

මීට අමතරව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා අගෝස්තු 01 වැනිදා සිට ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දී ඇත..

ඒ අනුව රුසියානු හා නැගෙනහිර යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට තීරණය කර ඇත

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්