නවතම පුවත්

වරාය නගරයේ ඉදිකිරීම් ගැන ඇමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශය වැරදියි !

port-city-colombo
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොළඹ වරාය නගර ඉදිකිරීම්වලට අදාලව මෙරට  ඇමෙරිකානු තානාපතිනිය සාවද්‍ය හා නොමග  යවන සුළු ප්‍රකාශයක් සිදුකර ඇති බව වරාය නගරයේ  ආයෝජන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .

එම නිවේදනය පහත දැක්වේ .

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්, 2021 ජූලි 29 වන දින මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd ) විසින් සිදුකරනු ලබන කරුණු පැහැදිලි කිරීමයි.

තානාපතිනී ටෙප්ලිට්ස් මහත්මිය එහිදී මාධ්‍යවේදීන් හමුවේ පහත ප්‍රකාශය සිදු කර තිබුණි.

(උපුටා ගැනීම)

“වරාය නගර සංවර්ධනයේ නිරත වී සිටින සමාගමක් ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වී ඇති බැවින්, එම සමාගම සමග ගනුදෙනු කිරීම යෝග්‍ය නොවීමට ඉඩ තිබේ.”

(උපුටා ගැනීම අවසන්).

CHEC Port City Colombo සමාගම හෝ එහි මවු සමාගම් වන China Harbour Engineering Company සහ China Communications Construction Company යන සමාගම් 2020 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක සමාගම් ලැයිස්තුවට ඇතුළත් වී නොමැත. අප විසින් මීට ඉහත 2020 වසරේ අගෝස්තු මාසයේදී පැහැදිලිව දක්වන ලද ආකාරයටම, ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් China Communications Construction Company හි අනුබද්ධ සමාගම් සහ CHEC Port City Colombo අතර කිසිදු සෘජු ව්‍යාපාරික සම්බන්ධයක් නැත. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, දකුණු චීන මුහුදේ ගොඩකිරීම් කටයුතු වල නිරත වූ අනුබද්ධ සමාගම් කිහිපයකි. කොළඹ වරාය නගරයට අදාළ මුහුද ගොඩකිරීම් කටයුතු සිදුකරන ලද්දේ ඍජුවම සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd) ඔස්සේ CCCC හි වෙනත් අනුබද්ධ සමාගමක් මගිනි. තවද, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ මවු සමාගම වන CCCC සමාගමට එරෙහිව කිසිදු අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා නොතිබූ බවද සඳහන් කළ යුතු ය. CCCC යනු ගෝලීය ධනවත් සමාගම් ලැයිස්තුව වන Fortune 500 සමාගමක් වන අතර, එය මේ වනවිට එම ලයිස්තුවේ 78 වන ස්ථානයෙහි පසුවේ.

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අවසන් වූයේ 2019 වසරේ ජනවාරි මාසයේදී ය. එහි අති-නවීන අභ්‍යන්තර යටිතල ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ඉඩම් කොටස් 20 ක ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු නුදුරේදීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවනසුලු එකක් බව පෙන්වා දෙන අතරම, කොළඹ වරාය නගරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම නිවේදනයෙහි අරමුණ වේ.

ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති සහ කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් පැවතීම මෙන්ම, නිශ්චිත මූලධර්මයන් අනුව මැනැවින් සැලසුම් කර තිබීම යනාදී සාධක හේතුවෙන් කොළඹ වරාය නගරය, කිසිදු ජාති භේදයකින් තොරව ලොව සියලුම ආයෝජකයන් හමුවේ ඇති ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්, 2021 ජූලි 29 වන දින මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd ) විසින් සිදුකරනු ලබන කරුණු පැහැදිලි කිරීමයි.

තානාපතිනී ටෙප්ලිට්ස් මහත්මිය එහිදී මාධ්‍යවේදීන් හමුවේ පහත ප්‍රකාශය සිදු කර තිබුණි. (උපුටා ගැනීම) “වරාය නගර සංවර්ධනයේ නිරත වී සිටින සමාගමක් ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වී ඇති බැවින්, එම සමාගම සමග ගනුදෙනු කිරීම යෝග්‍ය නොවීමට ඉඩ තිබේ.” (උපුටා ගැනීම අවසන්).

CHEC Port City Colombo සමාගම හෝ එහි මවු සමාගම් වන China Harbour Engineering Company සහ China Communications Construction Company යන සමාගම් 2020 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක සමාගම් ලැයිස්තුවට ඇතුළත් වී නොමැත. අප විසින් මීට ඉහත 2020 වසරේ අගෝස්තු මාසයේදී පැහැදිලිව දක්වන ලද ආකාරයටම, ඇමරිකා එක්සත් ජනපදයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් China Communications Construction Company හි අනුබද්ධ සමාගම් සහ CHEC Port City Colombo අතර කිසිදු සෘජු ව්‍යාපාරික සම්බන්ධයක් නැත. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත්තේ, දකුණු චීන මුහුදේ ගොඩකිරීම් කටයුතු වල නිරත වූ අනුබද්ධ සමාගම් කිහිපයකි. කොළඹ වරාය නගරයට අදාළ මුහුද ගොඩකිරීම් කටයුතු සිදුකරන ලද්දේ ඍජුවම සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම (CHEC Port City Colombo (Pvt) Ltd) ඔස්සේ CCCC හි වෙනත් අනුබද්ධ සමාගමක් මගිනි. තවද, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ මවු සමාගම වන CCCC සමාගමට එරෙහිව කිසිදු අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා නොතිබූ බවද සඳහන් කළ යුතු ය. CCCC යනු ගෝලීය ධනවත් සමාගම් ලැයිස්තුව වන Fortune 500 සමාගමක් වන අතර, එය මේ වනවිට එම ලයිස්තුවේ 78 වන ස්ථානයෙහි පසුවේ.

කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අවසන් වූයේ 2019 වසරේ ජනවාරි මාසයේදී ය. එහි අති-නවීන අභ්‍යන්තර යටිතල ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ඉඩම් කොටස් 20 ක ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු නුදුරේදීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශය නොමඟ යවනසුලු එකක් බව පෙන්වා දෙන අතරම, කොළඹ වරාය නගරය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම නිවේදනයෙහි අරමුණ වේ.

ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති සහ කාර්යක්ෂම පරිපාලන ක්‍රමවේදයන් පැවතීම මෙන්ම, නිශ්චිත මූලධර්මයන් අනුව මැනැවින් සැලසුම් කර තිබීම යනාදී සාධක හේතුවෙන් කොළඹ වරාය නගරය, කිසිදු ජාති භේදයකින් තොරව ලොව සියලුම ආයෝජකයන් හමුවේ ඇති ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක් බවට පත්වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්