නවතම පුවත්

ලබන ජනවාරිය වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ 30,000ක්! – WHO මෙරට විශේෂඥයෝ අනතුරු අඟවති

අසංක

අසංක

මෙරට තුළ දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය දැඩි සීමාකිරීම්වලට යටත් නොකොට අඛණ්ඩව පැවතියහොත් ලබන ජනවාරි මාසය වනවිට රටේ සමස්ත කොවිඩ් මරණ ගණන 30,000 ක් පමණ වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පුරෝකතනය කර තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදුකෙරෙන PCR පරීක්ෂණවලින් ධනාත්මක වන අනුපාතය 20% ට වඩා වැඩි බවට ද ඔවුහු පෙන්වා දී ඇත.

ජාතික සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙරේදා පැවැති මෙරට කොවිඩ්-19 තත්ත්වය සමාලෝචනය හා ඉදිරි තත්ත්වය පිළිබද සාකච්ඡා කෙරෙන රැස්වීමේදී සාක්‍ෂාත් කර ගත් එකඟතාවයන් නියෝජනය කරන අතර, පහත දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන්හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්පූර්ණ මතය මෙමගින් පිළිබිඹු නොවන බවත් අවශ්‍ය නම් ගෝලීය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම ලබා ගත හැකි බව ද එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මාසය අවසානය වන විට 50% ක් මුළුමනින්ම එන්නත් කරනු ඇතැයි උපකල්පනය කරමින් මෙම පුරෝකථනය කර ඇත.

ඒ අනුව, සංචරණ සීමා කිරීම්වල වර්තමාන මට්ටමට දිගටම පැවතියහොත්, සැප්තැම්බර් මැද භාගය දක්වා දිනකට කොවිඩ් ආසාදිතයන් 6,000 ක් දක්වා ඉහළ යනු ඇත. ඔක්තෝබර් මස මුල වනවිට දිනකට කොවිඩ් මරණ 220 ක් පමණ ඉහළ යනු ඇත. ඔක්තෝබර් මස මුලදී 275 දෙනකුට පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමට සිදුවනු ඇත. 2022 ජනවාරි වන විට මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 30,000 ක් පමණ වනු ඇත. නමුත් එම ආකෘතියෙන් උපකල්පනය කර ඇත්තේ නියමිත එන්නත් ආවරණය අප තවමත් ලබාගෙන නැති හෙයින්, විය හැකි අවම තක්සේරුව බව සළකන ලෙස එහි දක්වා ඇත.

සංචරණ සීමා සති 4 ක් දැඩි කළහොත් (2021 මැයි සිට ජූනි දක්වා පැවතියා සේ) 2021 ඔක්තෝබර් වන විට, දිනකට ආසාදිතයන් 1,000 ක් පමණ දක්වා අඩු සංඛ්‍යාවක්, දිනකට 25 කට අඩු මරණ සංඛ්‍යාවක් සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ආසාදිතයන් දිනකට 25 වඩා අඩු වනු ඇත. ඒ අනුව 2022 ජනවාරි වන විට මරණ 18,000 ක් වළක්වා ගත හැකිය.

මේ අනුව තත්ත්වය වළක්වා ගැනීමට කර ඇති නිර්දේශ වන්නේ පළාත්‌ සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික්‌ සංචරණ සීමා පනවමින් සංචරණ සීමා දැඩි කිරීම, කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම්‌, සියලුම්‌ මහජන උත්සව සති 3කට තහනම්‌ කිරීම, මහජන ඒකරාශි වීම්‌/ පොදු රැස්වීම් වැළැක්වීම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්හි බාධා කිරීම් අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව සැපයීම සහ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම, ජනතාව යාවත්කාලීන කිරීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන්‌ ක්‍රියාත්මක කරමින්‌ ජනතාව දැනුවත්‌ කිරීම්‌, ආසාදිතයන්‌ හා මරණ පිළිබද දත්ත නිවැරදිව නිකුත් කිරීම, වයස අවුරුදු 60 ට වැඩි සහ රෝගී වූවන් සඳහා එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය දීම ආදියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ සහ මෙරට විශේෂඥයන් එක්ව 5 වන ස්වාධීන විශේෂඥ කණ්ඩායම් රැස්වීම වර්තමාන කොවිඩ් -19 තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව පෙරේදා පැවති රැස්වීමේදී මෙම වාර්තාව සකස් කර ඇත. මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන්‌ , ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ SEAR සහ ශ්‍රී ලංකා කාර්යාලය සමඟ එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීන්, වසංගත රෝග විද්‍යා ඒකක දත්ත උපයෝගී කරගනිමින්, වාර්තාගත ආසාදිතයන් සහ මරණ පිළිබඳව ඉදිරි තත්ත්වය පිළිබද අනාවැකි පළ කර ඇත. මෙම වාර්තාව සකස්‌ කිරිම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන්‌ 50 දෙනකු පමණ සහභාගි වී ඇත. පාලිත අබේකෝන්‌, නිහාල්‌ අබේසිංහ, රජිව්‌ ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන්‌ ඊට ඇතුළත්‌ වන අතර අසිත ද සිල්වා, රජිවී ද සිල්වා, සරෝජ්‌ ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්‌, මලික්‌ පීරිස්‌, මංජු විරසිංහ යන මහාචාර්යචරුන්ද මෙම චාර්තාව සකස්‌ කිරීමට එක්විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්