නවතම පුවත්

වසරකට ඩොලර් බිලියන 3ක් ලංකාවට ගේන්න ‘වේගා’ සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රීරෝද රථය වන Vega ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ. මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය ත්‍රීරෝද රථයකට වඩා අඩු මිලකට එය මිල කිරීමට බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවක දී Vega ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පැවසුවේය.

2027 වසර වන විට ගෝලීය වශයෙන් මෙය ඩොලර් බිලියන 32 ක කර්මාන්තයක් වන බවත් සිය ඉලක්කය එයින් 10% ක කොටසක් අත්පත් කර ගැනීම බවත් එහිදී  අදහස් දක්වමින් ආචාර්ය කුලපාල සඳහන් කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

මෙය සම්පූර්ණ විදුලි බලයෙන් ක්‍රියාකරන ත්‍රීවිල් එකක්. සාමාන්‍ය ත්‍රීවිල් එකට වඩා මෙය බොහෝ සෙයින් වෙනස්. මෙය එක් ආරෝපණකින් කිලෝමීටර 100 -120 ක් අතර දුරක් ගමන් කරන්න පුළුවන්. මීට අමතරව මේකේ වහල මත සූර්යකොෂයක් තියෙනවා. එම නිසා නවතා තබන අවස්ථාවක හෝ හිරු රශ්මිය මධ්‍යයයේ ධාවනය කෙරන අවස්ථාවක දී පවා වැඩි බලයක් ලබා ගෙන වැඩි දුරක් ධාවනය කරන්න මීට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍ය ත්‍රීරෝද රථයක් මෙන්ම ඉදිරිපස රියැදුරාට අමතරව පසුපස මගීන් තිදෙනෙකුට ගමන් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ත්‍රීවීල් එකේ පිටුපස්සේ භාණ්ඩ දාන්න තැනක් නැහැ, සීට් එක උඩ තමයි දාන්න වෙන්නේ. හැබැයි මේක විදුලියෙන් වැඩ කරන නිසා, මේකේ ඒංජිමක් නැහැ. ඒ හින්දා පිටිපස්සේ ඉඩ ඔක්කෝම ලැබෙනවා භාණ්ඩ ‌රැගෙන යන්න.”

“ඇත්තටම මෙය අපි ලංකාවේ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කරන ‌දෙයක් නෙමෙයි. ලංකාව එක් ඉලක්කයක් තමයි. ඒ වුණාට ලෝක වෙළෙඳපොළ බැලුවොත් දැනට 2019 දී ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් මාර්කට් එක ඩොලර් බිලියන 28 ක්. ඒක 2027 වෙනකොට එය ‌ඩොලර් බිලියන 32 ක් බවට ‌පත්වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් ව්‍යාප්ත වෙන ලෝක වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙන රථයක් මේක. අපි හිතමු ඒ වෙළඳපොළෙන් 10% ක් අපි ඉලක්ක කරනවා කියලා, ඒක ඩොලර් බිලියන 3ක්. හැම අවුරුද්දේම ඩොලර් බිලියන 3 ක ව්‍යාපාරයක්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්