නවතම පුවත්

ද කළම්බො එක්ස්ප්‍රස් හෙළිදරව්වෙන් පතරොම් කම්හලේ වැඩ නවතියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

ආරක්ෂක ආමාත්‍යංශයේ දැනුවත්භාවයද ඇතිව දැනට පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙරට පෞද්ගලික සමාගම පතරොම් නිෂ්පාදනයට සුදානම්වන බවට ද කළම්බො එක්ස්ප්‍රස්  පසුගිය 26 වැනිදා කළ හෙළිදරව්වට ආරක්ෂක අමාත්‍යංශයම ක්‍රියාත්මක වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සම්බන්ධයෙන් කිසිදු වග විභාගයක් නිසියාකාරව සිදුනොවන බවට ද කළම්බො එක්ස්ප්‍රස් කළ හෙළිදරව්වට අදාලව වනාතවිල්ලුවේ  අක්කර 500ක භුමියක පතරොම් ගබඩාවකට ද පිඹුරුපත් සැකසෙන බව මුල්වරට අප වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.

වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය , ජෙලග්නයිට් කූරු , නිෂ්පාදනයන්  නියමිත පරිදි ගල්කොරි සදහා පමණක් යොමුවේද යන්න ගැන සැක පහළ වී ඇතිබව ඒමගින් අනාවරණය කෙරිණි.

අදාල තොරතුරු පසක් කරමින් පුපුරණ ද්‍රව්‍ය සදහා යොදාගන්නා රසායනික හා ජෙලග්නයිට් තොග පිටින් අන්තවාදී ත්‍රස්තයන් සතුව තිබි සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය හොර රහසේ විදෙස් රටකින් ගෙනවිත් ඇත්ද නැතිනම් ලිපි ලේඛන පෙන්වා කූට ලෙස රේගුවෙන්ම ගෙනආවේද යන්න ගැන මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවා පරික්ෂණ පවත්වයි.

මෙතනින් බලන්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්