නවතම පුවත්

 යන එන තැන ඔබ සුරකින Proactive Sanitizing Hygienic Wipes වෙළඳපොළට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය ඇතුළු  රෝගවාහක විෂබීජ , ඕනෑම මතුපිටකින් පහසුවෙන්ම ඉවත්කර දැමීමේ  හැකියාවක්  සහිත  Sanitizing Hygienic Cleansing Wipes මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට ශ්‍රී ලාංකේය පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සමත්ව ඇත .

Proactive ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය මෙරට වෙළඳපොළට මෙසේ හඳුන්වාදී ඇත්තේ Warehouse World Pvt Ltd ආයතනයයි .

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ,එදිනෙදා ජීවිතයේදී බහුලව  ස්පර්ශ කෙරෙන විවිධාකාර මතුපිට  පෘෂ්ඨයන් ,නිතරම පාහේ   විෂබීජහරණය කල යුතු බව වෛද්‍ය මතය වී ඇති අතර,  ඒ සඳහා ඉතාමත්  යෝග්‍ය  නිෂ්පාදනයක් ලෙස මෙම  “ProActive – Sanitizing Hygienic Cleansing Wipes” හඳුන්වාදිය හැක.

එසේම මිනිස් සමටද සෞම්‍ය ආකාරයට නිපදවා ඇති මෙම ‘Cleansing Wipes”,  සබන් සහ වතුර  භාවිතා කල  නොහැකි ඕනෑම අවස්තාවකදී,  හා  ඕනෑම ස්ථානයක දී කිසිදු අපහසුවකින්  තොරව , දෑත් පිරිසිදු  කරගැනීම සඳහාද  භාවිතා කල හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත .

ඇල්කොහොල් 75% ප්‍රමාණයකින් අන්තර්ගතව ඇති මෙම Sanitizing Hygienic Wipes  ස්වභාවික සුවඳකින් යුක්ත වන අතර , ඒ මගින් යම් පෘෂ්ඨයක් පිරිසිදු කල පසු කිසිදු තෙතගතියක්  ඉතිරි නොවීමද විශේෂත්වයකි .

එක්  පැකට්ටුවක Sanitizing Hygienic Wipes 10 ක් අන්තර්ගතවන අතර ඒවා පැකට්ටුවෙන් ඉවතට ගත් සැනින්ම,  කිසිදු පෙර සූදානමකින් තොරව , භාවිතා කල හැකි වීමද එහි ඇති සුවිශේෂී ගුණයකි .

මේවා  භාවිතා කල හැකි ස්ථාන පිළිබඳව අදහස් දක්වමින් . Warehouse World හි ප්‍රකාශකයකු අප වෙත මෙසේ පැවසීය ,

“එදිනෙදා නිවසේ නිතර ස්පර්ශ කෙරෙන ස්ථාන මෙන්ම වෙළඳ සල් වෙතින්  නිවසට රැගෙන එන විවිධ  භාණ්ඩද මෙම “වයිප්ස්” මගින් ඉතා පහසුවෙන් පිරිසිදු කරගත හැකියි , එසේම කාර්යාල  , පාසල්   , හෝටල , වෙළඳ සල්  , ඇතුළු ඕනෑම පොදු ස්ථානයකදී අප භාවිතා කරන භාණ්ඩ හා මතුපිට පෘෂ්ඨයන් පමණක් නොව දෑත් පිරිසිදු කරගැනීමටත් මෙම වයිප්ස් ඉතා සුදුසුයි .

එසේම තම මෝටර් රථය භාවිතා කල පසු එහි නිතර ස්පර්ශවන  කොටස් වන දොරවල්  , සුක්කානම , මෙන්ම අප එදිනෙදා භාවිතා කරන මුදල් පසුම්බිය , ජංගම දුරකථනය ආදියද  මෙම ‘වයිප්ස්’ මගින් ඉතා සාර්ථකව විෂබීජහරණය කරගත හැකියි  . කෙටියෙන් පැවසුවහොත් ජලය හෝ විෂබීජ නාශක දියර යොදා පිරිසිදු කිරීමට අපහසු බඩු  භාණ්ඩ රැසක්ම මෙම වයිප්ස් යොදාගෙන ඉතා පහසුවෙන් පිරිසිදු කරගත හැකියි . එසේම ජලය හා විෂබීජ නාශක දියර භාවිතා කල නොහැකි ඕනෑම තැනකදී අපට මෙම වයිප්ස් මගින් අපේ දෑත් පිරිසිදු කරගත හැකියි . විශේෂයෙන් ගුවන් තොටුපලේදී , එසේත් නැතිනම් ගුවන්යානය තුලදී මෙම විෂබීජ නාශක  වයිප්ස් වලින් ඇති  ප්‍රයෝජනය ඉතාමත් ඉහලයි” .

යුරෝපීය රටවලින් ආනයනය කල උසස්ම අමුද්‍රව්‍ය යොදා  නිෂ්පාදනය කර ඇති මෙම “ProActive – Sanitizing Hygienic Cleansing Wipes” සඳහා මෙරට   ජාතික ඖෂධ  නියාමන අධිකාරියේද  පූර්ණ අනුමැතිය හා සහතිකය හිමිව ඇත

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්