නවතම පුවත්

5G ඔස්සේ කොරෝනා පැතිරෙන කතාව බොරුවක්

අසංක

අසංක

5G සන්නිවේදන තාක්ෂණය හරහා කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුවන බවට ලොව පුරා සමාජ මාධ්‍ය හරහා පැතිර යන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිතවූවක් බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කර සිටී.

මෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරක් බවත් මෙවැනි සාවද්‍ය පුවත් සංසරණය වීම පාලනය කිරීමට පියවර ගත යුතුව ඇති බවත් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයකේ වන වෛද්‍ය ස්ටීවන් පොවිස් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුල යුරෝපය මුල් කරගනිමින් ලොව පුරාම මෙම තොරතුර සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය අතර ඒ අනුව ඇතැම් පිරිස් 5 g තාක්ෂණයෙන් යුත් තම ජංගම දුරකථන ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝද සමාජ මාධ්‍ය හරහා හුවමාරුවිය .

කෙසේ වෙතත් මෙසෙම් මෙම තාක්ෂනය සහිත ජංගම දුරකථන භාවිතය හරහා කිසිසේත්ම කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය නොවන බව වෛද්‍ය පොවිස් මහතා අවධාරණය කර සිටී .

මෙම තාක්ෂනය හරහා මිනිසාගේ ප්‍රතිශක්තිය හීනවන බවටද මෙහිදී විවිධ ප්‍රචාරයන් පලවුනද එහිද විද්‍යාත්මක සත්‍යයක් නොමැති බවවෛද්‍යවරයා සඳහන් කර සිටී.

විද්‍යුත් සංඛ්‍යාත හරහා කිසිඑත්ම වෛරසයන් ගමන් නොකරන බවද මෙහිදී වෛද්‍යවරයා පැහැදිලි කර දී ඇතඑසේම එම තරංග හරහා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද කිසිදු බලපෑමක් එල්ල නොකරන බව ඔහු පෙන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්