නවතම පුවත්

60ට වැඩි ලක්‍ෂ තුනක් එන්නත අරගෙන නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින් ලක්ෂ 03කට අධික පිරිසක් පමණ එන්නත ලබා ගැනීම මග හැර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනාවරණය කර සිටී

. දෛනික වාර්තාවන කොරෝනා මරණවල වැඩි සංඛ්‍යාවක් සිටින්නේ එලෙස කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් බවද  රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත  සඳහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“ලංකාවේ ජනගහනයෙන් අටෙන් එකක් පමණ ප්‍රමාණයක් සිටින්නේ , වයස අවුරුදු 60 ට වැඩි ජනතාවයි . එනම් ලක්‍ෂ 27ක් පමණ .  එසේම  කොවිඩ් වලින් මිය යන අය සලකා බැලූ විට එයින්75% ක්ම අයත්වන්නේ මේ කියන වයස අවුරුදු 60 ට වැඩි කාන්ඩයටයි .

මේ ලක්ෂ 27 අතුරින් ලක්‍ෂ තුනක පමණ ප්‍රමාණයක් තවම කොවිඩ් එන්නත ලබාගෙන නැහැ . දැනට කොවිඩ් වලින් මියයන වැඩි ප්‍රමාණයක් මෙම ලක්ෂ තුනක පමණ පිරිස අතරින් තමයි වාර්තා වෙන්නේ

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා ගත යුතුයි . “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්